Ads 468x60px

.

උදාරි ඓශ්ට වඩා වාසනාවන්ත වෙයිලු

කාන්තාවකට මව් පදවිය ලැබෙනවා තරම් තවත් උතුම් ගෞරවයක් තවත් නැහැ. මේ කාල සීමාව තුළ අපි දන්න කියන සුපිරි නිළියන් කීපදෙනෙකුට ම ඒ උතුම් ගෞරවනීය තත්වය ලබා ගන්න වාසනාව උදා වුණා. දැං බලන්න ඓශ්වර්යා දිහා. ලෝකෙම බලාගෙන හිටියේ එයා නිවුන් දරුවන් ලබනකල්. ඒ පැතුම ඉටු නොවුණත් ලස්සන ම ලස්සන පුංචි සිඟිත්තියක් මේ ලෝකයට දායාද කරමින් අම්මා කියන උතුම් පදවිය ලබන්න ඓශ් ට පුළුවන් වුණා. 


එළඹෙන 2012 අවුරුද්දේ දී ඒ විදිහට මවු පදවිය ලබන්න සූදානම් නිළියන් කීප දෙනෙක් ම ඉන්නවා. ලාරා දත්තා , සෙලීනා ජෙට්ලි, ශිල්පා ෂෙට්ටි ඒ අතරින් කීප දෙනෙක්.


මේ අවුරුද්දේ දී අපේ රටේ ජනප්‍රිය ම ටෙලි නිළිය විදිහට සම්මාන දිනූ උදාරි වර්ණකුලසූරියටත් 2012 වසර සුවිශේෂී එකක්. ඇයත් එළඹෙන 2012 වසරේදී මවක් වීමේ සුබ සිහින දකිමින් සිටිනවා. ආරංචි විදිහට 2012 වසරේදී උදාරී ඇගේ සම්පූර්ණ කාලය සිය කුළුඳුල් දරු ප්‍රසූතියට සූදානම් වීම සඳහා වෙන් කර තිබෙනවා. ඒ නිසා මේ වන විට රඟපාන මෙගා නාට්‍ය කීපයකින් ම තාවකාලිකව ඉවත් වීමටත් උදාරිට සිදු වෙනවා. දරුවා ප්‍රසූත කිරීම සඳහා උදාරි තෝරාගෙන තියෙන්නේ සිංගප්පුරුවේ රෝහලක් බවත් ආරංචියි. උදාරිගේ සැමියා මේ වන විට සිංගප්පූරුවේ රෝහලක වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන නිසා ඇයට මේ සියල්ල පහසුවෙන් කර ගන්නට හැකි වේවි. උදාරි සිය පළමු දරුවා පිරිමි ළමයෙකු වනවාට වැඩි කැමැත්තක් දක්වන බවත් පසුගිය දවස් වල මාධ්‍යයට පවසා සිටියා. 


උදාරිට තමුන්ගේ දරුවා බිහි කරන්න නියමිත දිනය හැටියට ලැබිලා තියෙන්නේ හරිම අපූරු දවසක් බවට විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ එළඹෙන ජූලි හත් වෙනිදා. ඒ කියන්නේ හත් වෙනි මාසේ හත් වෙනිදා. හතයි හත කියන්නේ ඇත්තටම උදාරිගේ ජීවිතයට වාසනාව ගෙන එන දවසක්. ඒ වගේ විශේෂ දවසක තමුන්ගේ කුළුඳුල් දරුවා ලබන්න පුළුවන් වුණොත් ඒක උදාරිට ඇත්තටම වාසනාවක්. ඒත් මතකනේ 2011.11.11 දිනයේදී ඓශ්වර්යා සිය දරුවා බිහි කරයි කියලා ලෝකෙම බලන් හිටියත් ඒ පැතුම ඉටු වුණේ නැහැ. ඒත් උදාරි සමහර විට ඓශ්ට වඩා වාසනාවන්ත වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා කොහොම කොහොම හරි උදාරි කැමති විදිහට එයා ගේ හැම කටයුත්තම ඉටු වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු.



 
Related Posts with Thumbnails