Ads 468x60px

.

දිල්කාට දයාබර ඔවදනක්

දෙරණ රූපවාහනියේ ජනප‍්‍රිය 360 දේශපාලන වැඩසටහන මෙහෙය වන දිල්කා සමන්මලී මෙම වසරේ නොවැරදීම විවාහ වන බව  වාර්තා වේ. ඒ එජාප කැරලිකාර පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුජීව සේනාසිංහ සමග නොවේ.


පසුගියදා 360 දේශපාලන වැඩසටහනට පැමිණි සූජිව සේනාසිංහ මන්ත‍්‍රීවරයාගෙන් කසාද බඳින්නට අදහසක් නැත්දැයි දිල්කා විමසූ විට සූජීව ගත්කටටම පැවසූවේ ‘‘ඔබතුමිය කැමතිනම් බලමු’’ කියාය. මන්ත‍්‍රීවරයාගේ අනපේක්‍ෂිත පිලිතුරින් ලැජ්ජාවට පත්වූ දිල්කා හිස ඔසවා බලාතිබෙන්නේ ප‍්‍රඩක්ෂන් එකේ අයට ඒ කතාව ඇසුනාද කියාය.එයට හේතුව වී ඇත්තේ දිල්කා සමන්මලීගේ අනාගත සහකරු ‘දෙරණ’ ප‍්‍රඩක්ෂන් ටීම් එකේ අයෙකුවීමයි. කුරුණෑගල පෙම්කතාවට නැවතීමේ තිත තබා ඇති දිල්කා අලූත් පෙම්කතාව අරඹා ඇත්තේ ‘දෙරණ’ ඇතුලින්මය.

දිල්කා නැවතී සිටින ගෙදර අයනම් පවසන්නේ ඇය ඉතා ලෝභ තැනැත්තියක් බවයි. ඇය ලෝභකම් දක්වන්නේ මිල මුදලට නොව නානකාමරයේ ඇති වතුරවලටය. එම ගෙදර උදවිය දිල්කා විවාහ වී තම නිවසින් පිටවී යනවාට ඉතා අකමැතිය. හේතුව මන්ද යත් දිල්කා වෙනුවට පැමිනෙන කෙනා දිනපතා නාන අයෙකු වුවහොත් වතුර බිල වැඩිවන නිසාය.

ඉඳහිට දිල්කාගේ කාමරයට එබිබලන එම ගෙදර උදවිය දිල්කාගේ ඇඳේ කොට්ටය විවධ වර්ණ ගෙන ඇත්තේ කෙසේදැයි විමසූ විට පැහිදිලි වී ඇත්තේ ඇය මේක්අප් පිටින්ම නිදාගැනීම නිසා කොට්ටය එසේ විවිධ පැහැයට ලක්වී ඇති බවයි.

දිල්කාගේ මේ ලෝභකම ඇය දිගටම පවත්වා ගත හොත් සති දෙකක් තුල විවාහයට කෙළවී බෝඩිම් ගෙදරම දිගටම සිටීමට සිදුවනු ඇති නිසා දිල්කාගේ ‘‘නිව් ඉයර් රෙෂලූෂන්’’ එක වශයෙන් වතුරට ඇති ලෝභකම අත්හරින ලෙස ඇයට නව වසරේ දයාබර ඔවදනක් පිරිනමයි.


 
Related Posts with Thumbnails