Ads 468x60px

.

මර්වින්ට ප‍්‍රසිද්ධ විවාදයකට පැමිනෙන ලෙස අභියෝගයක්


කැළණිය මැතිවරණ කොට්ඨාශයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආසන සංවිධායක වන මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට කැළණිය ප‍්‍රාදේශීය සභාවේ පාලක එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රීවරු අභියෝග කර සිටිති.

ඊයේ (05) සවස කැළණිය ප‍්‍රාදේශීය සභා ගොඩනැගිල්ලේ පැවති හදිසි ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී එම ප‍්‍රාදේශීය සභාවේ සභාපති ප‍්‍රසන්න රණවීර ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත‍්‍රීවරුන් මෙම අභියෝගය කළ අතර ඔවුන් එහිදී ප‍්‍රකාශ කළේ හොරු අපිද? නැත්නම් අමාත්‍යවරයාද? යන්න පිළිබද ප‍්‍රසිද්ධ විවාදයකට පැමිනෙන ලෙසයි.

තමන් හොරු බව අමාත්‍යවරයා ඔප්පුකළ හොත් ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී ධූරවලින් අස්වීමට මන්ත‍්‍රීවරු සියලූ දෙනා සූදානම් බවත්, ඇමතිවරයා හොරා බව ඔප්පු වුවහොත් ඔහු අමාත්‍ය ධූයෙන් ඉවත්විය යුතු බවත් ඔවුන් පැවසූහ.

කැළණිය මැතිවරණ බලප‍්‍රදේශයේ පිහිටි ‘බාර්’, ‘රෙස්ට්ටුරන්ට්’ හා ‘නවාතැන් පොළවල්’ 37 කින් එකකින් මසකට රුපියල් 10,000 බැගින් ‘පිබිදෙන කැළණිය’ නම්වූ ගිණුමකට වසර ගණනක් තිස්සේ මුදල් එකතුකරන බවත්, එහෙත් අද වනවිට එම ගිණුමේ ඇත්තේ රුපියල් දෙලක්‍ෂ හැටහත්දාහක් බවත්, කැළණිය ටයර් සංස්ථාව පාරේන් මසකට රුපියල් හාරලක්‍ෂ පනස්දාහක මුදලක් ව්‍යාපාරික ආයතනවලින් එකතු කරනු ලැබූවත් ප‍්‍රාදේශීය සභාවට ලැබෙන්නේ මසකට රුපියල් එක් ලක්‍ෂ පනස්දාහක මුදලක් බවත්, එහිදී ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරු පෙන්වාදුන්හ.

එමෙන්ම අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඔහු පදිංචි කොළඹ උද්‍යාන පාරේ නිවස රුපියල් කෝටි ගණනාවක් වියදම් කරමින් මේ වනවිට ප‍්‍රතිසංස්කරනය කරන බවත්, ඒ සඳහා මුදල් කොහින්ද යන්න ගැටලූවක් බවත්, මෙතෙක් කොන්ද පනනැතිව සිටි තමන් මින් ඉදිරියට කැළණිය බලප‍්‍රදේශය තුල වැරදිවැඩ කිරීමට ඉඩ තොතබන බවත් මන්ත‍්‍රීවරු එහිදී අනාවරණය කළහ.

අමාත්‍යවරයාට එරෙහිව මේ ආකාරයට ඉදිරියට ඒම තුළ සිය ජීවිත අනතුරකට පත්වී ඇති බවද, ජීවිත ආරක්‍ෂාව සඳහා සැඟවී සිටිමින් තමන් මෙම අරගලය සිදුකරන බවද තමන්ගේ ජීවිත ආරක්‍ෂාව හා කැළණිය සත්‍ය තත්ත්වය පිළිබදව සාකච්ඡා කිරීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සහ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා කරන ලද ඉල්ලීම්වලට මෙතෙක් ප‍්‍රතිචාර ලැබී නැති බවද මන්ත‍්‍රීවරු එහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කළහ.
 
Related Posts with Thumbnails