Ads 468x60px

.

මාබල් බීච් මුහුදු තීරය හොටල්වලට විකුනයි

ත්‍රිකුනාමලය මාබල් බීච් (marble Beach) නමින් හදුන්වන දර්ශනීය වෙරළ තීරයේ කොටසක් ගුවන් හමුදාවට ලබාදී සුවිශාල ප්‍රදේශයක් නීති විරෝදි සංචාරක හෝටල් ඉදිකිරීමට ලබාදී ඇති බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් හෙලිවේ.


කින්නියා පාලම අසලින් ආරම්භ වන චයින හාබර් (china harbor) ප්‍රදේශය මුහුදු පතුලේ දර්ශනීය බව නිසා මාබල් බීච් (marble  Beach) නමින් හැදින්වේ. මේ ප්‍රදේශය දේශීය මෙන්ම  විදේශීය සංචාරකයන්ගේ පාරාදීසයකි. නමුත්‍ මේ වන වි‍ට එම ප්‍රදේෂය අධිආරක්ෂිකත කලාපයක් බවට පත්කර පයින් යෑම තහනම් කර ඇත.

මේ පිළිබදව ප්‍රදේශයේ ආක්ෂාවට යොදවා සිටින ආරක්ෂක අංශ පවසන්නේ දේශපාලන බලවතුන් නිතර පැමිණීම සහ නීතිවිරෝධීව කරන ඉදිකිරීම් මාධ්‍ය වෙත අනාවරනය වීම වැලැක්වීමට මෙම නියෝග පනවා ඇති බවයි.







@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@


සීගිරි අධිරක්‍ෂිතයේ අමාත්‍යවරයෙක් හෝටලක් ඉදිකරයි

මේ අතර සීගිරිය ව්‍යාපෘතියේ පිහිටි වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතින අධිරක්‍ෂිතයේ අක්ක 80ක භූමි භාගයක් හෝටල් සංකීර්ණයක් ඉදිකිරීම සඳහා ආණ්ඩුවේ ප‍්‍රබල අමාත්‍යවරයෙකු සියළුම අනුමැතිය ලබාගෙන ඇතැයි වාර්තා වේ.අදාල රක්‍ෂිතය පවරා ගැනීම සඳහා මේ වන විටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන ඇති බවත් පවරාගැනීමට පෙර වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තු බලධාරීන්ගෙන් කිසිදු විමසීමක් සිදුකර නොමැති බවත් දැනගන්නට ඇත.

 

 
Related Posts with Thumbnails