Ads 468x60px

.

ගංගොඩවිල සෝම හිමි හීනෙන් පැමිණ මවට පිහිට වන හැටි

ගංගොඩවිල සෝම හිමියන්ගේ මව මීට වසර 8කට පමණ පෙර අපවත්වූ  සෝම හිමියන් හීනෙන් පැමිණ තමන්ට උදව් කරන බවත්, අවස්ථා ගනනාවක දර්ශනය වූ බවත් උන් වහන්සේගේ මව පවසනවා. මේ බව ඇය විසින් පවසා තිබුනේ පසුගියදා රිවිර පුවත්පතටයි. ඒ කතාව මෙසේයි.


දවසක් මට අසනීප වෙලා ටිකක් අමාරු වුණා. මාව ඉස්පිරිතාලේ නවත්තලා හිටියේ. එක පාරටම මම හිටපු තැන උඩ බිත්තියට වෙලා වටාපතකුත් තියාගන මා දිහා බලාගන හිටියා. මොනව වත් කිව්වේ නෑ. හරියට බිත්තියේ අඹපු රූපයක් වගේ ඉඳලා නොපෙනී ගියා. ඒත් හරි ලස්සනට හිටියා...

ඇය කියන්නේ ඈ නෙතට සෝම හාමුදුරුවන් නොපෙනී ගොස් තිබුනේ රෝහලේදී පමණක් නොවන බවයි. ඒ අත්දැකීම චාලට් මාතාව මීට වසර 8කට පමණ පෙර "අමාවතුර" ආරාණ්‍යයේදීද අත් විඳ තිබුණා.

"එද අපි සිල් අරගන හිටියේ. එක පාරටම ධර්මශාලාවට ගොඩාක් ඉහලින් හාමුදුරුවෝ වැඩ සිටියා. ඊට පස්සේ ධර්මශාලව වටේට උඩින්ම ගිහින් නොපෙනී ගියා. පන්සලේ වැඩ ඉන්නකොට වගේම එක උරයක් වැහෙන්න සිවුර ඇඳලා මම හොඳටම දැක්කා. හාමුදුරුවෝ නොපෙනී ගිහාම එක පාරටම මට කතාකරගන්නත් බැරිවුණා. ඒ වෙලාවේ එතන හිටපු කට්ටියක් මොකද කියලා ඇහුවා. මම කාටවත් කිව්වේ නෑ සෝම හාමුදුරුවෝ පෙනුනා කියලා.."

මේ අම්මා කියන්නේ සෝම හාමුදුරුවන් හොඳ තැනක ඉපිදී එසේ ඈ දෙස බලන බවයි. ඒ බැව් ඇයට එහිමියන් අපවත් වූ දිනවලම සිහිනෙන් පෙනී ඒ බැව් කියා ගිය බව පවසනවා. "ඒ හාමුදුරුවෝ අපවත් වෙලා සති දෙක තුනකින් වගේ මම හරියට අඬ අඬා හිටියේ. දවසක් මට හාමුදුරුවෝ හීනෙන් පෙනුණා. මගේ බුදු අම්මා අඬන්න එපා. මම හරි ලස්සන තැනක ඉන්නේ අම්මා කියන දේ ඇහුවා නම් මට මේ වගේ කරදරයක් වෙන්නේ නෑ" කිව්වා.

සෝම හිමි මාතාවන් කියන්නේ හාමුදුරුවන්ට කරදරයක් සිදුවන බව ඇයට පෙනුන බවයි. ඒ බැව් හාමුදුරුවන්ට කීවද හාමුදුරුවන් ගනන් නොගත් බවත් කියයි. "ඔය ගමන යන්න මාස දෙකකට විතර කලින් මම හීනයක් දැක්කා. අපේ ගෙදරට මාව බලන්න ආව හාමුදුරුවෝ මට දන ගහල්ලා වැන්දා. ඒක කවදාවත් වෙන්නේ නැති දෙයක් හින්දා මගේ හිතට හරි නෑ. ඒ හින්දා ඒ හීනේ ගැන මම හාමුදුරුවන්ට කිව්වා. ඇයි මං එහෙම හීනයක් දැක්කේ කියලත් ඇහුවා. "අම්මා හීන බලන්න එපා. ඕවා ගනන් ගන්න එපා" කියලා කිව්වා. මම නිතර කිව්වා ඒ ගමන එක්ක ගිය පිරිසේ හිටපු එක්කනෙක් ගැන. එයා එක්ක යන්න එපා කිව්වා. තව මම නිතරම කිව්වා එච්චර සැරට බණ කියන්න එපා කියලා.

කොහොම හරි හාමුදුරුවෝ ඒ ගමන ගියානේ. මගේ හිතට බයක් දැනුන නිසා මම එදා ඉඳලා හරියට පින් දහම් කළා. හාමුදුරුවන්ට ආරක්ෂාව පතලා. දෙවියන්ට කිව්වා. ඒ අතරේ තමයි මහ රෑ දවසක් තවත් හීනයක් දැක්කේ. ඒ මහා විශාල ගහක් දෙකට මැදින් කඩාගන වැටුණා පෙනුණා.

හාමුදුරුවෝ අපවත් වුණ දවස් වල මට හුඟාක් හීනෙන් පෙනිලා ගියා. මට මොනවා හරි කරදරයක්, ලෙඩක් අසනීපයක් හැදෙන්න තිනුණා නම් පෙනිලා පෙන්නලා ගියා. මට හොඳට මතකයි හාමුදුරුවෝ අපවත් වෙලා අවුරුදු දෙක තුනක් ගියාට පස්සේ දවසක් රෑ මට හීනෙන් පෙනුණා. තවත් කවුදෝ හතර පස් දෙනෙක් හිටියා. ඒ වෙලාවේ මගේ කකුල සතෙක් කනවා හීනෙන් පෙනුනා. මං ඒ හීනේ ඒ තරමටම ගනන් ගත්තේ නෑ. ඒත් පහුවදා මගේ කකුල ඇත්තටම සතෙක් කෑවනේ. මට කරදර වෙන්න තියනවා කියලා හාමුදුරුවෝ පෙන්නනවා. හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව මට තියනවා කියනේ ඒකයි.

 
Related Posts with Thumbnails