Ads 468x60px

.

ජ'පුර විරු සිසු ස්මාරකය අසල ඇතිවූ බෝම්බ පිපිරීම

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විරු සිසු ස්මාරකය අසල ඇතිවූ බෝම්බ පිපිරීමක් නිසා මුළු සරසවියම කලබලයට පත්වූවා.එම බෝම්බ පිපිරවීමෙන් එම පිළිමයේ මුල් කොටසට හානිවී තිබුනා.
එම බෝම්බ පිපිරවීම පිලිබද පාලනාධිකාරිය සහ ශිෂ්‍ය සංගම් එකිනෙකට චෝදනා එල්ලකරනවා.මේ ඔවුන්ගේ අදහස් 





අන්තර් විශ්විවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා
මේ ප්‍රහාරයට සෘජුවම රක්නා ලංකා ආරක්ෂක අංශය සහයෝගය ලබා දෙනවා ඒ වගේම උපකුලපතිවරයාත් මේ ප්‍රහාරයට සෘජුවම සම්බන්ධයි කියලා අපිට වාර්තා වනවා 

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එල්.එම්.ඒ. කරුණාරත්න මහතා
"එතකොට මේ විරු සිසු සමරුව කියන ප්‍රතිමාව ක
ඩා බිඳලා විනාශකරනවානම් අපිට ඕක ඔච්ච්රකල් යන වැඩක් නෙවෙයි ඊළඟට මේ රක්න ලංකා ආරක්ෂක සමාගම මේක කරයි කියනවා ඒක  අමුලික බොරුවක් ඒගොල්ලෝ විශ්ව විද්‍යාලේ දේපල ආරක්ෂාවට අමතරව කිසිම දෙකින් අපිට සම්බන්ධ වෙලා නැහැ.
බොම්බේ පුපුරලා විනාඩි පහක් ගියේ නැහැ විශ්ව විද්යාලෙම කළුකොඩි දැම්මලු.ඊට පස්සේ සම්පුර්ණම ළමයි ටික ටක් ගාල හොස්ටල් එකේ ඉන්න ළමයි ටික විනාඩි දෙකක් තුනක් ඇතුලත,මේවා කොහමද කරන්නේ?
කළුකොඩි දාන්න මේක අනිවාර්යෙන්ම ඒ කොඩි ගෙනල්ල තියෙන්න ඕන.. කළු කොඩි දාන්න ඒවා මේවා කොඩි වල ගැට ගහල තියෙන්න ඕන..කොහමද මේවා ගැටගහන්නේ? ඒ නිසා කල් ඇතුව ලාස්තිවෙලා තමයි මේ දුර්දාන්ත වැඩේ සිද්ධ කරලා තියෙන්නේ."

 
නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතා
මෙම බෝම්බ ප්‍රහාරය කල් ඇතුව සලසුම්කල එකක් බවත් උද්ඝ්ෂණයට ගෙන ආ පෝස්ටර් බැනර් කලින් සකස් කර තිබු ඒවා බවත් තෙන්නකෝන් මහතා මාධ්‍යයට ප්‍රකාශකර තිබුනා.පසුගිය කාලයේ ජපුර සරසවියේ තිබී බෝම්බ කිහිපයක් හමුවූ බවත් මේ පුපුරා ගිය බෝම්බයද එයට සමාන එකක් බව බෝම්බ විශේෂඥයන්විසින් සොයාගෙන ඇතිබව ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශකොට ඇත. බෝම්බ පිපිරීමෙන් පසුව,පසුගිය කාලයේ විවිධ හේතුන් මත ආන්දෝලනයට ලක්වූ ජ'පුර උපකලපතිවරයා ඉවත්කරනමෙන් ඉල්ලා සරසවි සිසුන් විශාල පිරිසක් ඊයේ දිනයේ උද්ඝෝෂණයේ නිරතවූවා.


 

 
Related Posts with Thumbnails