Ads 468x60px

.

කෙල්ලනේ පරෙස්සමෙන් දහසක් දෑස ඔබ දෙසට



.................................//......................................

 


මඩකලපු මහා විද්‍යාලයේ සියළු සිංහල ආදි සිසුන් වෙතයි

ප්‍රභාත් විතානගේ මහතා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සැලසුම් අංශයේ සහකාර අධ්‍යක්ෂක ධූරය උසුලයි. ලක් මවගේ සහජාත පුතනුවන් කෙනෙක් වන මේ මහතා පසුගිය මාසවල මඩකලපුව, ඒරාවූර්, ජයන්තිපුර, විජයපුර හි සැරිසරමින් කුරිරු දෙමළ කොටින් විසින් ජාතියට අහිමිකල සිංහල පාසැල් 7 ක් පිළිබඳ විස්තර සොයාගෙන ඇත. එම පාසැල් වල වර්තමාන ඛේදනීය තත්වය දැක්වෙන ඡායාරූප එකතුවක් ඒ මහතා විසින් පහත යොමුවේ ඉදිරිපත් කර ඇත.

https://www.facebook.com/media/set/?set=a.2323808699735.138012.1385155359&type=1&l=96e5779965

ප්‍රාදේශීය අධ්‍යාපන දෙපාර්තමේන්තුව වශයෙන් මේ පාසැල් නැවත විවෘත කිරීමට අවැසි සියළු පහසුකම් හා ගුරුවරු සැපයීමට තරම් මේ ලක් මවගෙ පුතු ඉදිරිපත් වී සිටී. මෙයට උපකාර ලෙස ඒ මහතාට මඩකලපුව සිංහල මහා විද්‍යාලයේ සියළුම ආදි සිසුන් සොයා ගැනීමට අවැසි වී ඇත. ඔබ ඉන් අයෙක් නම් හෝ ඔබට එම ආදි සිසුන් ගැන කිසියම් හෝ හෝඩුවාවක් දිය හැකි නම් ඉහත යොමුව ඔස්සේ  ඒ මහතා සම්බන්ධ කර ගන්න.

ප්‍රභාත් විතානගේ මහතාගේ ඊ මේල් ලිපිනය :prabath@engineer.com

.................................//......................................

 


අහස සිඹින නෙළුමක් කොළඹ පිපෙයි
පාවෙන හෝටලයකුත් එයි

දේශීය වාස්තු විද්යාඥ සැලසුම් අනුව රුපියල් කෝටි 1147 වියදමින් කොළඹ ඩී.ආර් විජයවර්ධන මාවතේ අට මහල් නෙළුම් කුළුනක් ඉදිකිරීමට ශ්රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම සැරසේ.උසින් මීටර් 350 ක් වන මෙම බහු සම්ප්රේෂණ කුළුනේ පාවෙන අවන්හලක්, විදුලිසංදේශකටුගෙයක්,ප්රදර්ශන ශාලා, භෝජනාගාර, අමුත්තන් දහසකට සහභාගී විය හැකි උත්සව ශාලාවක්ද අතුළත් වෙයි.මේ කුළුනට ලබන 20 වැනිදා මුල්ගල් තබා මාස තිහකින් ඉදිකිරීම් නිම කිරීමට නියමිතය. ගිවිසුමට අද අත්සන් තැබිණි.චයිනා නැෂනල් ඉලෙට්රෝනික්ස් ඉන්පොර්ට් ඇන්ඩ් එක්ස්පෝර්ට් කෝපරේෂන් හා ඒරෝ ස්පේස් ලෝන්මාර්ච් ඉන්ටර්නැෂනල් ට්රේඩිං කෝපරේෂන් මෙහි ඉදිකිරීම් බාරව සිටියි. නව ගුවන්විදුලි හා රූපවාහිනී සේවා100ක්ද විදුලි සංදේශ සේවා 20 කටද වේගවත් පහසුකම් සැපයීමට මේ මධ්යස්ථානයට හැකි  බව කොමිසමේ අධ්යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා කියයි.



 
Related Posts with Thumbnails