Ads 468x60px

.

කැළණිය සංවර්ධනය කලේ මම - නරි හු කිව්වට අපි බය නෑ – මර්වින්

කැළණිය ප‍්‍රදේශීය සභාවේ මන්තී‍්‍රවරුන් විසින් ඔහුට විරුද්ධව පවැත්වූ මාධ්‍ය සාකච්චාව ගැන අදහස් පලකරමින් අමාත්‍යවරායා ‘බෙලිඅත්තෙන් ආපු අපි වගේ අය නිසයි කැලණියේ ප‍්‍රදේශීය සභා මන්ත‍්‍රීවරු දියුණු වෙලා තියෙන්නේ. මම කරපු සංවර්ධනය කැලණියට ගියොත්  ඕනි කෙනෙකුට බලාගන්න පුළුවන්’ යයි පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ කීය.


‘සභාපතිවරයා ඇතුළු මන්ත‍්‍රීවරුන් මට චෝදනා කරනවා. සභාපතාවරයාගේ අලූත් ගෙදරයි, පරණ ගෙදරයි ගිහින් බලන්න වෙලා තියෙන වෙනස. අල්ත් ගෙරද වගුරු බිමක් ගොඩකරලයි හදල තියෙන්නෙ. ඒ ගෙදර ගල් හදන මැෂින් දෙකකුත් තියෙනවා. කවුරු කොහෙන් ප‍්‍රතිපාදන අවාත් වැඩක් නෑ. ඒ ප‍්‍රතිපාදන ලබාගන්න සංවිධායකයාගෙ අත්සන අවශ්‍යයයි. කැලණිය ආසනයේ සංවර්ධන වැඩකටයුතු කිරීමට ලැබුනු ප‍්‍රතිපාදන මම ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන්ට මම සමසේ බෙදල දුන්න සංවර්ධන වැඩ කිරීමට. නරියෝ කෑ ගැහුවට මම බය වෙන්නේ නෑ. වංචා දුෂණ චෝදනාවන් ඔප්පු කරන්න. මම ඒවාට නොබියව මුහුණ දෙන්න සූදානම්’

කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් 12 දෙනකු මහජන සබඳතා හා මහජන කටයුතු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතාට එරෙහිව නැඟී සිටින්නට තීරණය කර තිබේ.කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර,උප සභාපති චමිල දුමින්ද,ප්‍රා.මන්ත්‍රී ලංකා විජිත කුමාර, ප්‍රා.මන්ත්‍රී හසිත කැලුම් මඩවල,ප්‍රා.මන්ත්‍රී මිල්රෝයි පෙරේරා යන මහත්වරුන් ප්‍රාදේශීය සභාවේ පැවති මාධ්‍ය හමුවකදී මර්වින් සිල්වා අමාත්‍යවරයාට අභියෝග කර ඇත.

කැලණිය,කිරිබත්ගොඩ නගරවල කප්පම් ගැනීම,දූෂණ වංචා හා අක්‍රමිකතාවලට මර්වින් සිල්වා මහතා සහ ඔහුගේ සහචරයින් වගකිව යුතු බවත්,ඒ බව තහවුරු කිරීම සඳහා සියලු ලියකියවිලි හා තොරතුරු තමන් සතුව ඇති බවත් කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර මහතා සඳහන් කරයි.තමා ඇතුළු මන්ත්‍රීවරුන්ට කිසියම් හෝ අනතුරක් සිදුවුවහොත් ඊට මර්වින් සිල්වා අමාත්‍යවරයා මුළු මනින්ම වගකිව යුතු බවත්,ඊයේ සිට තමාගේ නිවෙස්වලට මත් කුඩු දමා තමන්ව අත්අඩංගුවට ගැනීමට උත්සාහයක් තිබෙන බවත් සභාපතිවරයා කියා සිටියේය.

අමාත්‍යවරයා”පිබිදෙන කැලණිය”නමින් මහා පරිමාණ වශයෙන් කප්පම්ගත් බවත්,ඒවා හෙළිදරව් කිරීමට කටයුතු කරන බවත්,එකී දූෂණ,වංචා හා අක්‍රමිකතා පිළිබඳ ඕනෑම කෙනකු හා සංවාද කිරීමට සූදානම් බවත් ප්‍රා.මන්ත්‍රී ලංකා විජිත කුමාර මහතා පවසයි.

මේ වන විට මර්වින් සිල්වා මහතාට කැලණියට පැමිණෙන්නට හැකියාවක් නැති නිසා හැංගී සිටින බවත්,ඔහු කළ කී දෑ පිළිබඳ සියලු තොරතුරු තමන් සතුව ඇති බවත් ප්‍රා.මන්ත්‍රි හසිත මඩවල මහතා පෙන්වා දුන්නේය.අමාත්‍යවරයා ලක්ෂ ගණන් වියදම් කරමින් ගෙවල් හදන්නේ එතුමාගේ පුද්ගලික ධනයෙන් නොව කැලණියෙන් හම්බ කළ මුදලින් බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.
කැලණියේ සංවර්ධනයට මර්වින් අමාත්‍යවරයාගෙන් කිසිදු දායකත්වයක් නොලැබුණු බවත්,සංවර්ධන කටයුත්තක් සිදුවීනම් ඒ සියල්ල සිදුවූයේ ප්‍රාදේශීය සභාවේ මුදල් හා ණයට ගත් මුදල් වලින් බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

ඒ පිළිබද දෙරණ රූපවාහිනියේ විකාශය පහතින් බලන්න
 
Related Posts with Thumbnails