Ads 468x60px

.

නුවරඑළියේ හිම පතිතවේ සීතල දැඩිවේ

අද (16) අලුයම නුවරඑළියේ උෂ්ණත්වය සෙන්ට්‍රිග්‍රේඩ් අංශක 3.8 දක්වා පහත බැස තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ විද්‍යාඥ මෙරිල් මෙන්ඩිස්  මහතා පවසයි.මෑත කාලයේ දී මෙරටින් වාර්තා වූ අවම උෂ්ණත්වය මෙය බවත්දිවයිනට හමා‍ එන වියළි සුළං ප්‍රවාහයත් සමග බොහෝ ප්‍රදේශවලින් ශීත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බවත් ඔහු කියා සිටියි.


ඒ අතර නුවරඑළිය ප්‍රදේශ රැසක මල් තුහින දැකගත හැකි බව එහි දිස්ත්‍රික් ලේකම් ඩි.පී.ජී.කුමාරසිරි මහතා සදහන් කරයි. මේ අතර දිවයිනේ ඌව හා නැගෙනහිර පළාත්වල අද දිනයේදී වැසි සහිත කාලගුණ තත්වය ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරයි.එසේම දිවයිනේ ඇතැම් ස්ථානවල තද සුළං තත්වයක්ද ඇතිවිය හැකිය.දිවයිනට නැගෙනහිර, නිරිත සහ දකුණු දෙසින් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි ඇති‍විය හැකි බවකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

මෙවර ජනවාරි මස පළමු දින සිට හිම දින කිහිපයක් දැක ගත හැකි වූවද යළි දේශගුණික වෙනස් විමක් හේතුවෙන් ඉදිරි දිනවලදී යළි හිම (මල් තුහින) පතිතවේද යන්න සැකයකි. වසර කීපයක් තුළ නුවරඑළියේ දේශගුණික රටාව වෙනසකට ලක්වීම ඊට හේතුවයි.කෙසේ වුවත් 2007 වසරේදී මෑත කාලයේදී ඉතා දැඩිලෙස මල් තුහින පතිත වූ වසර වේ. දහවල් කාලයේ දැඩි උෂ්ණත්වයත් අලූයම් කාලයේ දැඩි ශීතලත් හේතු කොටගෙන නුවරඑළිය අවට ජනතාව මහත් වූ අපහසුතාවයකට ලක්වූ   අවස්ථාද වේ.

මෙයින් පාසල් දරුවන් හා රාජකාරිවල නිරත වූ අය පීඩා විඳිති. මෙයින් රාත‍්‍රී සේවා මුරවල යෙදෙන රෝහල් කාර්ය මණ්ඩලය ආරක්‍ෂක අංශ නිලධාරීන් තම රාජකාරියේදී කටුක සේවාවක් ඉටු කරති. මෙම හිම (මල් තුහින) පතිත වීම තේ, අර්තාපල් ඇතුළු ප‍්‍රධාන බෝග ගණනාවකට ඉතා අහිතකරය. ඒ නිසා ගොවීහු මහත් පාඩු විඳගත් අවස්ථාද පසුගිය කාලයේ අපි දැක ඇත්තෙමු. මෙවර කඳපොළ, මීපිලිමාන වැනි ප‍්‍රදේශවල ගොවිතැන්වලට බලපෑමක් එල්ලවූ බව දැනගන්නට ඇත.මෙම අපූරු දසුන දැක ගැනුමට ඇතැම් දේශීය සංචාරකයින් කොළඹ සිට නුවරඑළියට පැමිණි අවස්ථාද විය. මේ සොබා දහමේ ක‍්‍රියාවලියට අපට එරෙහි විය නොහැක.


වාහනයක් මතට වැටී තිබූ මල් තුහින (හිම බිඳිති)
මල් ගොමුවකට හිම බිඳිති වැටී
මල් තුහින වැටී තිබූ තණපිටියක්
 
Related Posts with Thumbnails