Ads 468x60px

.

ස්වර්ණවාහිනියේ තුෂාන් කොප්පරා තුෂාන් වුනේ මෙහෙමයි

ස්වර්ණවාහිනියේ ප‍්‍රධානියා හා එහි ප‍්‍රධාන විධායක නිලධාරී තුෂාන් නැමැත්තා හේතුවෙන් ස්වර්ණවාහිනී නාලිකාව මේ වන විට ජරමර රාශියකට ලක්ව ඇතැයි වාර්තා වේ. මොවුන් දෙදෙනා එක්ව ඊ.ඒ.පී. චිත‍්‍රපට ආයතනය විනාශ කර දැමූ සේම මේ වන විට ස්වර්ණවාහිනී නාලිකාවද විනාශ කිරීමේ කාර්යට මුල පුරා ඇතැයි එහි සේවකයෝ චෝදනා කරති.


ස්වර්ණවාහිනී ප‍්‍රධානියා හා තුෂාන් ඊ.ඒ.පී. චිත‍්‍රපට සමාගමේ මුල් පුටුවලට පත්වීමෙන් පසුව මෙතෙක් එම සමාගම විසින් නිෂ්පාදනය කරන ලද කිසිදු චිත‍්‍රපටයක් සම්මානයට පාත‍්‍රවී නැතැයි පැවසේ.අවසන් වරට ඊ.ඒ.පී. චිත‍්‍රපට හැදූ සිනමා පටයක් සම්මානයට පාත‍්‍රවී ඇත්තේ මීට වසර 5කට පෙරදීය. ඒ එච්.ඩී.පේ‍්‍රමරත්න හැදූ සෙයිලම එසේ සම්මානයට පාත‍්‍රව ඇත.පසුගිය කාලයේදී අති විශාල මුදලක් දරා මොවුන් දෙදෙනා මුල් වී නිපදවූ ‘හාර්ට් එෆ්.එම්.’ චිත‍්‍රපටයෙන් එම ආයතනයට රුපියල් මිලියන 30ක් පාඩුවූ බව මේ වන විට ප‍්‍රසිද්ධ රහසක් බවට පත්ව තිබේ.

මේ අතර මොවුන් දෙදෙනා ධම්මික සිරිවර්ධන විසින් නිපදවන ලද ‘සුවඳ ඳැනුනා ජීවිතේ’ චිත‍්‍රපටයෙන් 35% ආරම්භව 45% දක්වා වර්ධනය වීමෙන් උපයාගත් මුදලද යටි මඩි ගැසූ බවට ද එහි සේවකයෝ චෝදනා කරති.මොවුන් පසුගිය වසර 5 ක පමණ කාලයක් ඊ.ඒ.පී. චිත‍්‍රපට සමාගම පාලනය කලමේ  දෙපළ කිසිම දිනක සිය අධ්‍යක්‍ෂ මණ්ඩලයට ආදායම් වියදම් ඇතුළත් හරබැර පත් (බැලන්ස් ශිට්) පෙන්වා නැතැයිමේ අතර වාර්තා වේ.

පසුගිය කාලයේදී මෙරට සිනමාහල් තී‍්‍ර ඩී තාක්‍ෂණයට යොමුවද්දී එම තාක්ෂණය ප‍්‍රතික්ෂේප කරමින් ලිබර්ටි හා සැවොයි සිනමාහල් කඩා වැට්ටීමේ තත්ත්වයටමොවුන් සෘජුව වගකිවයුතු බව පැවසේ.
කොළඹ කොල්ලූපිටියේ ලිබර්ටි සිනමා ශාලාවේ විත‍්‍රපටයක් නැරඹීමට ගිය පේ‍්‍රක්ෂකයෙකුගේ කකුළක් මීයෙකු විසින් සපාකෑම හේතුවෙන් අදාළ තැනැත්තා කළ පැමිණිල්ලකට අනුව  කොළඹ, ප‍්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂකයන් විසින් පරික්ෂා කර පේ‍්‍රක්ෂකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසද නිර්දේශ කර තිබිණි.

එසේම ලිබර්ටි සිනමා ශාලාවේ වැසිකිලි ඉතා අපිරිසදු බවත්, ඒවායෙන් දුර්ගන්ධයද පැතිරෙන බවත් එම අවස්ථාවේදී කොළඹ, ප‍්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂකයන් විසින් නිගමනය කර තිබිණි.එදිරිසිංහ මහතා මිය යන විට ඊ.ඒ.පී. චිත‍්‍රපට සමාගම සතුව තිබූ මොඩර්න් කුරුණෑගල හා නුවරඑළියේ නිවුටව්ලි සිනමාහල් විකුණා දැමීමට තරම් එම ආයතනය බංකොළොත් කරනු ලැබුවේ වත්මන් ස්වර්ණවාහිනී ප‍්‍රධානියා හා තුෂාන් නැමැත්තා බවද පැවසේ.

තුෂාන් නැමැත්තාට මේ වන විට ස්වර්ණවාහිනී ආයතනයේ සේවකයන් විසින් අපූරු සුරතල් නාමයක්යොදා ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ඔවුන් ඔහුව හැදින්වීමට ‘කොප්පරා’ තුෂාන් යන්න යොදන බවද පැවසේ.තුෂාන් කොප්පරා තුෂාන් වීමටහේතුවක් ඇති බව එම ආයනයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඊට හේතුවී ඇත්තේ තුෂාන්ගේ නම ගූගුල් හි සෙවීමට උත්සාහ කරන්නෙකුට හමුවන්නේ ඔහුගේ කොප්පරා ව්‍යාපාරය පිළිබඳ තොරතුරු නිසා බවද පැවසේ.එම ආයතයේ ආයතන නීති සංග‍්‍රහයට අනුව ඉහළ තනතුරු දරන්නන්ට එවැනි ව්‍යාපාර පවත්වාගෙන යාමටනොහැකි බවද මේ අතර වාර්තා වේ.
එම සමාගම සතු සිනමා හල් බංකොලොත්විම වළක්වා ගැනීම පසෙක තබා මෙම යුවල විසින් අලුත් සිනමා ශාලාවක් නුවර සැදීමට යෑම විහිළුවක් බව ද එහි සේවකයෝ කියති.

එසේම ජා ඇල සිනේමැක්ස් චිත‍්‍රපට ශාලාව සෑදීමට රුපියල් ලක්‍ෂ 60ක් වියදම් කිරීමසැකයට බඳුන්වන බවද එහි සේවකයෝ පෙන්වා දෙති.එසේම ස්වර්නවාහිනි ප‍්‍රධානියා එහි සේවක උවමනාවලට සොයා ගැනීම ඉතාම අපහසු බවත් ඔහු ජංගම දුරකතනයෙන් හෝ සම්බන්ධකර ගැනීමට ලැබෙන්නේ 500 වතාවකට එක් වරක් බවට ද එහි සේවකයන් චෝදනා කර සිටී.

ඊට හේතුවී ඇත්තේ තුෂාන් කොප්පරා ව්‍යාපාරය කරගෙනයන අතරවාරයේදී ස්වර්ණවාහිනියේ ලොක්කා සිය මැණික් ව්‍යාපාරය පවත්වාගෙනයාම බවද පැවසේ.මෙම කාරණා සම්බන්ධයෙන් දැණුවත් කරමින් ඊ.ඒ.පී. සමූහ ව්‍යාපාරයේ සභාපතිනිය වන සෝමා එදිරිසිංහ ප‍්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාජිකයන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ හා දිපා එදිරිසිංහ යන මහත්ම මහත්මීන්ට සේවකයන් විසින් යොමුකරන ලද ලිපියක් ඇසුරෙන් මෙම ලිපිය සකසන ලදී.
 
Related Posts with Thumbnails