Ads 468x60px

.

ජනප‍්‍රියත්වයට පත් සිනමා පට පුංචි තියටර් හිදී

‘කන්‍යාවි’ චිත‍්‍රපටය වායු සමීකරණය කරන ලද නාමෙල් මාලනී පුංචි තියටර් හිදී මේ දිනවල ප‍්‍රදර්ශනය අරඹා ඇත.ප‍්‍රවීණ සහ ජනප‍්‍රිය චිත‍්‍රපට අධ්‍යක්ෂ බී. සිරිතුංග පෙරේරා විසින් අධ්‍යක්ෂණය කළ කන්‍යාවි  සිනේ විෂන් ලංකා සමාගම වෙනුවෙන් නිෂ්පාදනය කොට ඇත්තේ දේශමාන්‍ය ඉන්දික විජේරත්න විසිනි.


මෙම චිත‍්‍රපටයේ සනත් ගුණතිලක, මීනා කුමාරි, පුබුදු චතුරංග, හිමාලි සයුරංගි, සතිස්චන්ද‍්‍ර එදිරිසිංහ, සුසිලා කෝට්ටගේ, හයිසින්ත් විජේරත්න, සීතා කුමාරි සමග සෝමවීර ගමගේ රංගන දායකත්වය සපයති.මෙහි කැමරා අධ්‍යක්ෂණය කේ. ඞී. දයානන්දසංගීත අධ්‍යක්ෂණය ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාසයන් විසින්සිදු කොට ඇත.දේශීය සිනමා කර්මාන්තයට සිය දායකත්වය ලබාදීම උදෙසා, මෑතකදී ජනප‍්‍රියත්වයට පත් සිනමා පට පිළිවෙලින් ප‍්‍රදර්ශනය කරවීමට චිත‍්‍රපට සංස්ථාව සඳහන් කළේය.
 
Related Posts with Thumbnails