Ads 468x60px

.

තමා වෙනුවෙන් සිවුරු හැරි අනියම් සැමියා සමග යෑමට බිරිය හඬා වැලපෙයි


අනියම් සැමියාගේ 
උරහිසේ එල්ලී
බිරිය පලා යයි


කඩවසම් තම විවාහක සැමියා වෙනුවට අනියම් සැමියා ඉල්ලා පොලිසිය දෙවනත් වන අයුරු විලාප තැබු විසි පස් හැවිරිදි රූමත් එක් දරු මවක් සැමියාත් දරුවාත් හඬා වැලපෙද්දී අනියම් සැමියා සමග යෑමේ පුවතක් අනුරාධපුර පොලිසියෙන් වාර්තා වේ.

සිද්ධිය මෙසේය.

නාවුල ප්‍රදේශයේ පදිංචි සැමියා කොළඹ රාජ්‍ය ආයතනයක සේවය කරයි. නොච්චියාගම පදිංචි බිරිය අනුරාධපුර නගරයේ පිහිටි පෞද්ගලික වෛද්‍ය ආයතනයක සේවය කරන්නේ බෝඩිමක නැවතීගෙනය. 

ඔවුන් විවාහ වුයේ දෙපස නෑදෑ හිතවතුන්ගේ ආශිර්වාද මැද්දේය. මෙම යුවළට හත් හැවිරිදි පුතකු සිටී.සැමියා නිවෙසට පැමිණෙන්නේ දෙසතියකට වරකි. 

මේ අතර බිරිය අනුරාධපුර නගරය ආසන්නයේ පිහිටි විහාරස්ථානයක විසූ චීවරධාරියකු සමග අනියම් පෙමක පැටලී සිටියාය. චීවරධාරියා හතළිස් විය ඉක්මවූවෙකි.

සති දින මාස ගණන් ගෙවී යද්දී සැමියා හා දරුවා එපා වූ බිරිය චීවරධාරියා හා පලායාමට එකඟ වුවාය. ඔහු සිය අනියම් බිරිය සමග පලාගොස් නෑදෑ නිවෙසක නව දිවියක් ඇරඹීය.

තම බිරිය චීවරධාරියකු සමග පලා ගොස් ඇති බව සැලවූ සැමියා අනුරාධපුර පොලිසියට පැමිණ කියා සිටියේ තම මව සමග නතර වී සිටින පුතුගේ අනාගතය වෙනුවෙන් බිරියට සමාව දී ඇය යළි බාර ගැනීමට කැමති බවය.

පසුගිය දිනෙක පොලිසියේ දැනුම් දීම මත උපවැදි වු අනියම් සැමියා ද බිරියද සැමියා ද පුතුද අනුරාධපුර පොලිසියට පැමිණ සිටියහ.

මෙම පවුල් ආරවුල සමථයකට පත් කිරීමට කාරුණික පොලිස් නිලධාරියා සියලු උත්සාහයන් ගනිද්දී උන් හිටි හැටියේ පොලිසිය දෙවනත් වන අයුරු විලාප තබමින් බිරිය කියා සිටියේ තමාට සැමියාත් පුතාත් අවශ්‍ය නැති බවය. 

තමා සතුටට පත් කර තමා වෙනුවෙන් සිවුරු හැරි අනියම් සැමියා විරූපී වුවත් ඔහු සමග යෑමට ඇය කැමති බව තරයේ පැවසුවාය. අවසානයේ සැමියාත් දරුවාත් හඬා වැලපෙද්දී ඇය අනියම් සැමියාගේ උරහිසේ එල්ලී ආපසු නොබලාම පොලිසියෙන් පිටවී ගියාය.
 
Related Posts with Thumbnails