Ads 468x60px

.

ෆෝන් එකේ අවුට් ගොයින් වලට සනත්ගෙන් කෙමක්

ප‍්‍රවීන රංගනවේදී සනත් ගුණතිලක පාවිච්චිකරනු ලබන ජංගම දුරකතනයේ පිටතට ලබා ගන්නා ඇමතුම් (අවුට් ගොයින්) නොමැති බවට ක්ෂේත‍්‍රයේ රාවයක් පවතී.සනත් සිය දුරකතනයෙන් පිටතට ලබාගන්නා ඇමතුම්වලට වඩා ඩැඩි ප‍්‍රමාණයක් පිටතින් ගෙන්වා ගැනීමට සමත්කමක් දක්වන බවද පැවසේ.


ඔහු දිනකට කාටහෝ ඇමතුමක් ලබාදුන හොත් ඉන් පසුව සනත්ට වැල නොකැඩී දුරකතන ඇමතුම් ලැබෙන බව ක්‍ෂේත‍්‍රය තුළ ප‍්‍රසිද්ධ රහසකි.
දුරකතන ඇමතුම්ගෙන්වා ගැනීමට සනත් ළග පොඩි කෙමක් ඇති බවද පැවසේ.කෙසේවුවද සනත්ගේ මේ අපූරු කෙමද දැන් ක්ෂේත‍්‍රය තුළ ඉමහත් ප‍්‍රසිද්ධියක් ලබා ඇතැයි වාර්තා වේ.මේ වන විට කලා ක්ෂේත‍්‍රය තුළ ඉහළ ස්ථිරවල සිටින සෑම සියලු දෙනාම සනත්ට වඩා කනිෂ්ඨ අය වෙති.එ බැවින් සනත්ට ඔවුන්ගෙන් විශේෂ ගෞරවයක්ද හිමි වේ.

මේ නිසා සනත් එක් ඇමතුමක් කාට හෝ ලබාදුන හොත් එම ඇමතුම විසන්ධි කිරීමට පෙර ඔහු හා රැදීසිටින පුද්ගලයාට සනත්ට ඊළගට කතා කළ යුතු පුද්ගලයාට ඇමතුමක් ලබාදී තමාට ඇමතුමක් ලබාදෙන ලෙස පැවසීම මේ අපූරු කෙම බව පැවසේ.නොඑසේනම් සනත් ඇමතුමක් විසන්ධි කරන්නේ ‘අනේ ...... (නම) කියනවද මට කෝල් එකක් ගන්න කියලා’ යනුවෙන් පවසමින් බව පැවසේ.මේ ඉල්ලිම කරන්නේ තමන්ට වඩා ජ්‍යෙෂ්ඨයෙක්ගෙන් බැවින් කිසිවෙකු එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප නොකරන බවද වාර්තා වේ.ඉන් පසුව සනත්ගේ ජංගම දුරකතනයට ලැබෙන ඇමතුම්වලින් අඩුවක් නොවන බවද පැවසේ.
 
Related Posts with Thumbnails