Ads 468x60px

.

බිරිඳ හා අනියම් සැමියා එකතු වී සැමියා මරා දාලා

මීට වසර නවයකට පමණ පෙර ඝාතනය කර නිවස පිටුපස තේ වත්තක වළදමා තිබී නෙළුව කොස්‌වත්ත පදිංචිව සිටි එක්‌දරු පියාගේ ඝාතනයට සම්බන්ධ බවට සැලකෙන ඔහුගේ බිරිඳ හා අනියම් සැමියා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.


අභිරහස්‌ ලෙස ඝාතනය කර වළදමා සිටි කුකුලෙ ලියනගේ ශාන්ත නමැති එක්‌දරු පියාගේ මළ සිරුරේ කොටස්‌ පෙරේදා (21 වැනිදා) දහවල් ගොඩගත් අතර, මෙම ඝාතනය පිළිබඳව නිර්ණාමිකව ලැබුණු තොරතුරක්‌ මත පරීක්‍ෂණ කටයුතු ආරම්භ කළ බව නෙළුව වැඩබලන පොලිස්‌ ස්‌ථානාධිපති තිලකරත්න අතපත්තු මහතා පැවසීය.

අනියම් ප්‍රේම සම්බන්ධයක්‌ මත මෙම ඝාතනය සිදුවී ඇතැයි ලැබුණු තොරතුරු මත පොලිසිය පරීක්‍ෂණ කරගෙන යද්දී මියගිය පුද්ගලයාගේ බිරිඳ හා ඇය ඇසුරු කළ බව කියන අනියම් සැමියා පොලිසිය අත් අඩංගුවට ගෙන ඇත.

පසුව පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ සැමියා නිදාගෙන සිටියදී පහරදී මරා දැමූ බවයි. ඝාතනයට ලක්‌වන විට විසිහත්වැනි වියේ පසුවූ මොහු ඒ වන විට අවුරුදු තුනක්‌ වයසැති දියණියගේ පියෙකු ද විය.

මීට වසර නවයකට පෙරාතුව රාත්‍රියේ සැමියා නිවෙසින් පිට වූයේ අපලයක්‌ නිසා යෑයි බිරිඳ මියගොස්‌ සිටින ශාන්තගේ මවට පවසා ඇත. අපලය ගෙවුනු පසු ආපසු නිවසට ඒවි යෑයි කීවද පුතා නොපැමිණි නිසා මව නෙළුව පොලිසියට මේ පිළිබඳ පැමිණිල්ලක්‌ද කර තිබිණි.

ඝාතනය කර හොර රහසේ වළ දමා තිබූ ශාන්තගේ සිරුරේ කොටස්‌ ගොඩගන්නා තැනට පැමිණි ඇම්. ජී. කමලාවතී (62) වන ඔහුගේ මව හඬා වැළපෙමින් කියා සිටියේ ''මගෙ පුතාව මරාදැමූ උන්ට හෙණ හතම වැදිය'' යුතු බවයි.

වසර නවයක්‌ තිස්‌සේ අභිරහසක්‌ව තිබූ මෙම ඝාතනය පිළිබඳ පොලිසියට නිර්ණාමිකව හෝ තොරතුරු ලබාදීම අගේ කළ පොලිසිය, පවසන්නේ සැකකාර බිරිඳ මියගිය සැමියාගේ ඡායාරූප සියල්ලම වරින් වර ගිනිතබා විනාශ කළ බවයි.

පියා මියයන විට තුන් හැවිරිදි වියේ පසු වූ දියණිය මේ වන විට වයස අවුරුදු දොළහ පමණ දැරියක වුවද පියාගේ ඡායාරූපයක්‌ වත් මව දරුවාට පෙන්වා නැත.
 
Related Posts with Thumbnails