Ads 468x60px

.

සොබා දහම මාරි කොල්වින්ට එරෙහි වෙයි

බි‍්‍රතාන්‍යයේ ප‍්‍රවීණතම යුද මාධ්‍යවේදීනියක ලෙස සැලකෙන  සන්ඬේ ටයිම්ස් පුවත්පතේ මාධ්‍යවේදිනී මාරි කොල්වින් 22 සිරියාවේ හොම්ස් නගරයේදී මියගොස් ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.


ඇය මියගොස් ඇත්තේ හොම්ස් නගරයේ තාවකාලිකව අටවාගෙන සිටි මාධ්‍ය මාධ්‍යස්ථානය පිහිටි ප‍්‍රදේශයක එල්ල වූ ෂෙල්වෙඩි ප‍්‍රහාරයකිනි.  මතභේදාත්මක සුදුකොඩි නඩුවට තුඩුදුන් සිදුවීම් පෙළ පිළිබඳව ලොවට මුලින්ම හෙළිදරව් කළ බි‍්‍රතාන්‍යයේ මාධ්‍යවේදිනී මාරි කොල්වින්.



මිය
යන විට ඇය සිරියාවේ යුද වාර්තාකරණයේ සිටියාය. මෙම සිද්ධියෙන් ඇය හා ප‍්‍රංශ ඡායාරූප ශිල්පියෙකු මියගොස් ඇති බවත්, තවත් විදෙස් මාධ්‍යවේදීන් තිදෙනෙකු තුවාල ලබා ඇති බවත් ඒජන්සි වාර්තාවල සඳහන් වේ.




වසර 2001
දී ශ‍්‍රී ලංකාවේ දී යුද වාර්තාකරණයේ නිරතසිටි මාරි කොල්වින් හට සිය වම් ඇසඅහිමි විය. චෙච්නියාවේ හා සර්බියාවේද යුද වාර්තාකරණයේ යෙදුනු ඇය මැද පෙරදිග ලෝකයේ අරගල ආරම්භ වීමත් සමග ටියුනීසියාවේ, ඊජිප්තුවේ හා ලිබියාවේද මාධ්‍යවේදිනියක් ලෙස කටයුතු කළාය.
 
Related Posts with Thumbnails