Ads 468x60px

.

කෙහෙළියට මේ වන විට ශල්‍යකර්ම හයක්

ඕස්ට්‍රේලියාවේ මෙල්බන්හි හෝටලයකින් ඇද වැටි අනතුරට ලක් වූ ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට පෙරේදා (21) තවත් ශල්‍යකර්මයක් සිදුකර තිබේ.

 
අනුව මේ වන විට ඇමැතිවරයාට ශල්‍යකර්ම හයක් එහි වෛද්‍යවරුන් විසින් සිදුකර තිබේග අනතුරින් ඇමැතිවරයාගේ දෙපාවලට තුවාල සිදුවීම හේතුවෙන් එම ශල්‍යකර්ම දෙපාවලට සිදුකර ඇත.
 
මේ අනුව තවත් ටික දිනක් ඕස්ට්‍රේලියාවේදී ප්‍රතිකාර ගැනීමට සිදුවනු ඇතැයි රජයේ මාධ්‍යවලට පවසා ඇති ඇමැති රඹුක්වැල්ල මහතා,  මෙරටට පැමිණි පසු ඉතා කඩිනමින් සුපුරුදු රාජකාරි කටයුතු සිදුකිරීමට අපේක්ෂා කරන බවද සදහන් කර තිබේ.

ඔය අතර කෙහෙළිය රඹුක්‌වැල්ල ඇමැතිතුමා ඇමැතිවරයාගේ ජංගම දුරකථනය ඉකුත් සිකුරාදා දිගටම නද දුන්නේය.හලෝ....... යෑයි කියමින් ඔහු ඇමැතුවේ තද නිදිබර ගතියෙනි. මා ඔහු සමග කතාවට වැටුණි. කටහඬින් මා කවුදැයි කියා ඔහු හඳුනාගත්තේය. තාමත් මෙහේ මහා පාන්දර යෑයි කීවේය.

සමාවෙන්න ඇමැතිතුමා නින්දට බාධා කළාට. අපේ රාජකාරියට වෙලාවක්‌ නැහැනේ කියමින් සිනාසුනෙමි. නැහැ නැහැ. ඒකට කමක්‌ නැහැ. අපි කතා කරමු.කෙහෙළිය රඹුක්‌වැල්ල ඇමැතිතුමා සමග තවදුරටත් දුරකථන සාකච්ඡාව කරගෙන යැමේ අරමුණ ඇතිව මම ප්‍රශ්න මතු කළෙමි.


ඇමැතිතුමා ඔබට සිදු වූ අනතුර ගැන මෙහේ එක එක විදිහේ කතා පැතිරෙනවා. 
කට කතා ඕනෑ කෙනෙකුට පතුරවන්න පුළුවන්. ඒ වගේම අනතුරක්‌ ඕනෑ කෙනෙකුට වෙන්න පුළුවන්. ඒවා ඔක්‌කෝම හිතා මතා වෙන දේවල් නොවේ.මාව බැල්කනියෙන් ලිස්‌සලා වැටිලා කකුල් දෙකටම හානි වුණා.

ඉතින් කවදාද ශ්‍රී ලංකාවට එන්නේ.
ඒක දැන්ම කියන්න බැහැ. ලබන අඟහරුවාදා තවත් සැත්කමක්‌ තියනවා. තව දුරටත් ප්‍රතිකාර ලබන්න සිද්ධ වෙනවා.මෙහේ වෛද්‍යවරු ඒ වගේම ඇමෙරිකාවේ ඉඳලත් විශේෂඥ වෛද්‍යවරයෙක්‌ මා වෙනුවෙන් මෙහේ ඇවිත් ඔස්‌ටේ්‍රලියාවේ සිටින දක්‍ෂතම වෛද්‍යවරුන් කණ්‌ඩායමක්‌ මා ගැන ඉතාමත් උනන්දුවෙන් ක්‍රියා කරනවා. මම හිතන හැටියට තවත් සති දෙක තුනක්‌වත් මට ප්‍රතිකාර ලබන්න සිදුවෙයි.


ඔබව බලන්න ශ්‍රී ලංකාවෙන් කවුද ඔය පැත්තේ ආවේ.
අපේ බන්දුල ගුණවර්ධන ඇමැතිතුමා ආවා. එයාව එව්වේ අපේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහත්මයයි. ඒ වගේම අපේ ගෙදර පවුලේ කට්‌ටියත් මෙහේ ඇවිත් ඉන්නවා. මගේ සුවදුක්‌ බලන්න ඔස්‌ටේ්‍රලියාවේ සිටින ශ්‍රී ලාංකිකයෝ හුඟ දෙනෙක්‌ මෙහේ එනවා. ඒගොල්ලේ හැම කෙනෙකුම සමග කතා බස්‌ කරන්න ඕනෑ. එයාලා හුඟ දෙනෙක්‌ කනගාටුව පළ කළා. මාව දිරිමත් කළා. අද හෙටම සුව තත්ත්වයට පත් වෙන බව කාගේත් විශ්වාසයයි.


ආරංචිද මෙහේ සිද්ධ වෙන දේවල්.
අපොයි ඔව්. නිතර නිතර ශ්‍රී ලංකාවේ තොරතුරු ලැබෙනවා. තෙල් ප්‍රශ්නය ගැන, හලාවත වෙච්ච සිද්ධිය වෙනදා ඔය සිදුවීම් වෙනු වෙන් ජනමාධ්‍යයට කියන්නේ මමනේ.


ශ්‍රී ලංකාවට පැමිණි පසු අපි හමුවෙමු. ඔය කට කතා පතුරවන අයට උත්තර දෙන්නම් කියමින් ඇමැතිවරයා ජංගම දුරකථන සම්බන්ධය නතර කළේය. 
 
Related Posts with Thumbnails