Ads 468x60px

.

කුඩු මර්වින් නාරාහෙන්පිටදී ගිනි ගෙන දැවෙයි


නාරාහේන්පිට බොතේජු මාවතේ තිබී පිළිස්සෙමින් තිබූ පිරිමි මළ සිරුරක්  සොයාගත් බව පොලිස් ආරංචිමාර්ග පවසයි.මෙය ඊයේ දිනයේ අළුත්කඩේ මහාධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී පැහැරගැනීමට ලක්වූ විත්තිකරුවාගේ සිරුර විය හැති බවටද සැක පලව තිබේ.කෙසේ වෙතත් මෙම මළ සිරුර වයස අවුරුදු 30-35 අතර වයසේ පසුවන්නකුගේ විය හැකි බවත් හඳුනාගත නොහැකි අයුරින් සිරුර පිළිස්සී තිබූ බවත් පොලීසිය සඳහන් කරයි.බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ සිටියදී මෙසේ පැහැරගැනීමට ලක්ව තිබුණේ දිවයිනේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වශයෙන් හඳුනාගෙන සිටි 52 හැවිරිදි වේලායුදන් මෙතියස් චන්ද්‍රපාල නමැති අයෙකුය.


මෙසේ දැවෙමින් පවතින්නේ අළුත්කඬේ අධිකරණ සංකීර්ණයඅසලදී පැහැරගත් ‘‘කුඩු මර්වින්’’ නොහොත් නෙතියස්චන්ද්‍රපාල නැමැත්තාගේ මළසිරුර බවට ප‍්‍රදේශවාසීහුසැකපහල කරති.පොලිස් විශේෂකාර්ය බලකාය යොදවා එම ප‍්‍රදේශයටආරක්ෂාව සපයා ඇති බවද වාර්තා වන අතර ප‍්‍රදේශවාසීජනතාව විශාල වශයෙන් ඒ අවට රැස්වෙමින් සිටින බවත්පැවසේ.


 
Related Posts with Thumbnails