Ads 468x60px

.

ඉතිහාසයේ වැඩිම ඉන්ධන මිල වැඩිකිරීම පෙරේදා.විදුලි බිලත් වැඩිවේ

අද (13) මධ්‍යම රාත්‍රියේ සිට බස්ගාස්තුව 20% කින් ඉහල දැමීමට රජය විසින් කැමැත්ත පල කර තිබෙනවා. ගමනාගමන කොමිසන් සභාවේ බලධාරීන් සමග අද සවස පැවති සාකච්ඡාවේදී බස් ගාස්තු 20% න් ඉහළ නැංවීමට එකඟතාව හිමිවූ බවයි පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ.


එසේම වැඩිවන පුද්ගලික බස් ගාස්තුවලට සාපේක්ෂව ලංගම බස් ගාස්තුද 20% න් ඉහළ නැංවීමට තීරණය කර ඇති අතර එබැවින් මිල සංශෝධනය පුද්ගලික හා ලංගම බස් රථ සඳහා එකසේ පොදුය.

ඉතිහාසයේ වැඩිම ඉන්ධන මිල වැඩිකිරීම පෙරේදා සිදුවූ නිසා එයට විරුද්ධව බස් ගාස්තු වැඩි කල යුතු බව ඉල්ලා අද දිනයේ රට පුරා පෞද්ගලික බස් රථ වර්ජනයක් ක්‍රියාත්මක වූ අතර එයින් ජනතාව බොහෝ පීඩා විඳිනු ලැබුවා.

බස් රථ වල වහලයේ නැඟ ගමන් කිරීම මෙතක් කල් අප දුටුවේ ඉන්දියාවේ වූ නමුත් අද දිනයේ ගමන් ගත් ඇතැම් බස් රථ වල ජනතාව ගමන් කළේ බස් රථයේ වහලයෙනි.

අද දිනයේ ක්‍රියාත්මක වූ වර්ජනයට එක් නොවී ධාවනයේ යෙදුණු පෞද්ගලික බස් රථවලට ඇතැම් පිරිස් විසින් පහරදුන් අතර එවැනි පුද්ගලයින් 46 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.





* බස් ගාස්තුව 20% කින් ඉහලට
* විදුලි බිලත් ඉහලට
* මීගමුව-හලාවත ප්‍රදේශ වල ධීවර උද්ඝෝෂණ ජායාරූප


රු.7/- ට තිබූ අවම බස් ගාස්තුව හෙට (14) සිට රු.9/-ක් වන අතර එය 28% ක වැඩිවීමකි..



මෙම 20%ක බස් ගාස්තු වැඩි වීමත් සමඟ දුර ගමන් සේවා සඳහා
රු.400/- ට තිබූ ගාල්ල-කොළඹ අධිවේගී මාර්ගයේ බස්ගාස්තුව රු.80/-කින්ද
රු.245/- ට තිබූ කොළඹ-නුවර සුඛෝපභෝගී ගාස්තුව රු.50/-කින්ද
රු.230/- ට තිබූ ගාල්ල-කොළබ සුඛෝපභෝගී ගාස්තුව රු.46/-කින්ද වැඩිවනු ඇති.

විදුලි බිලත් ඉහලට
ඉන්ධන මිල ඉහල දැමීම නිසා රු.3/- ක් වැනි මුදලකට පාරිභෝගිකයන්ට ලබාදෙන විදුලි ඒකකයක නිෂ්පාදනය කිරීම සඳහා යන වියදම රුපියල් 21/- දක්වා ඉහළ ගොස් ඇති නිසා විදුලි බල මණ්ඩලයට රුපියල් බිලියන ගණනක පාඩුවක් සිදුවන බව බව විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.සී.ෆර්ඩිනෑන්ඩස් මහතා අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියා.

එම නිසා ලඟදීම විදුලි ගාස්තුවද ළඟදීම ඉහළ නැංවීමට තීරණය කරනු ඇතැයි වාර්තා වෙනවා.



මීගමුව-හලාවත ප්‍රදේශ වල ධීවර උද්ඝෝෂණ
මේ අතර ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව මීගමුව-හලාවත ප්‍රදේශ වල ධීවර ජනතාව විසින් අද දිනයේ උද්ඝෝෂණයේ හා විරෝධතා පැවැත්වුවා.

බෝට්ටු ගෙනැවිත් පාරට දමා, ටයර් පුළුස්සමින් සිදු කළ හේතුවෙන් කොළඹ - පුත්තලම ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක් අවහිර වී තිබුණ අතර දුම්රිය මාර්ගයද ධීවර උද්ඝෝෂකයෝ විසින් අවහිර කිරීම නිසා දුම් රිය ගමණාගමනයටද බාධා එල්ල වුණා.

බස් රථ සඳහා ඉන්ධන සහනාධාර දෙන්නේ නම් තමන්ටද අවශ්‍ය බව පවසන ධීවරයෝ සාකච්ජාවට පැමිණි ධීවර නියෝජ්‍ය ඇමති සරත් ගුණරත්න ඇමැතිවරයාට හූ කී කී බව වාර්තා වෙනවා. නිමල් ලංසාද ධීවරයන් හා කතා කිරීමට පැමිණ සිටි බව දක්නට ලැබුණා.

මේ අතර විරෝධතාකරුවන් සහ පොලීසය අතර ගැටුමින් විරෝධතාකකරුවන් 40 ක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රදේශයේ ආරක්ෂාවට විශේෂ කාර්ය බලකාය කැඳවා තිබුණා.

ධීවර රැකියාවේ නිරත වන ජනතාවට ඉන්ධන සහනාධාරයක් වහාම සැපයීමට කට‍යුතු කරන ලෙස මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝද රජයෙන් ඉල්ලා තිබෙනවා. එම විරෝධතා අවස්ථාවේ ජායාරූප එකතුවක් පහලින්





























 
Related Posts with Thumbnails