Ads 468x60px

.

රත්තරං කෙල්ලගේ මරණය සැක නෑලු

පසුගිය සෙනසුරාදා දින මියගිය සුපිරිපොප් ගායික තරුවක් වන විට්නි හියුස්ටන් ගේ මරණය 
වටාසැකසහිත සිද්ධීන් කිසිවක් නොමැති බව ලොස් ඇන්ජලීස්මරණ පරීක්‍ෂකයෙකු පවසයි. 
ලොස් ඇන්ජලීස් ප‍්‍රාන්තයේ මරණ පරීක්‍ෂක කාර්යාලයේනියෝජ්‍ය ප‍්‍රධානී එඩ් වින්ටර්ස්  
පවසා ඇත්තේ මේ සම්බන්ධපරීක්‍ෂණ වාර්තා නිකුත් වීමට තව සති 6- 8ක් 
පමණගත වනු ඇති හෙයින් පරීක්‍ෂණ වාර්තා සියල්ල ලැබෙන තෙක් මරණයට 
හේතුව පිළිබඳව අවසන් නිගමනයකට එළැඹෙන්නේ නැති බවයි.


විට්නිගේ සිරුරේ කිසිඳු තුවාලයක් නොතිබූ බවත්, ඇගේමරණය වටා සැකසහිත කිසිවක්
සිදුවී නැති බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත. විට්නි හියුස්ටන් ගේ මළසිරුර හමුවූයේ ඇය  
නැවතී සිටි බෙවර්ලි හිල්ස් හි හිල්ටන් හෝටලයෙනි. මිය යන විට ඇය සිට ඇත්තේ නාන කාමරයේය.කලා පවුලකින් පැවත එන හියුස්ටන් නිව්යෝර්ක්හිදී ක‍්‍රිස්තියානි පල්ලියේ  
ගීතිකා ගායනයෙන් සිය ගායන දිවිය ආරම්භකර තිබේ.

1980 මැද භාගයේ සිට 1990 අවසාන භාගය දක්වා හියුස්ටන් අතිශය ප‍්‍රසිද්ධියට පත්වූ අතර එම  
වකවානුවේදී ඇය,ඇමරිකානු සංගීත කර්මාන්තයේ ”රත්තරං කෙල්ල” යනුවෙන්ද විරුදාවලිය  
ලැබවාය.එම වකවානුවේ සම්මාන රැුසකට පාත‍්‍ර වුණු විට්නි හියුස්ටන් ලොව වඩාත් ජනප‍්‍රියතම 
ගීත දර්ශක වල අංක එකේස්ථානය හිමිකර ගැනීමට ද සමත්වී ඇත.

බොඩිගාඩ් සහ වේටින් ටු එක්ස්හේල් යන චිත‍්‍රපටවල රංගනයට එක්වෙමින් ජනප‍්‍රිය නිළියක්
බවට පත්වීමට ද ඇයටහැකිවූ අතර, පසුගිය වසර කිහිපය තුළ මත්ද්‍රව්‍ය වලට  
ඇබ්බැහි වීම හේතුවෙන් ඇගේ කටහඬට දැඩි ලෙස හානි සිදුවීතිබූ බව විදෙස් වාර්තා  
සඳහන් කරයි.

ලොවපුරා සංගීත ක්ෂේත‍්‍රයම හා රසික රසිකාවියන් කම්පනයට පත්කළ විට්නිගේ  
මරණයෙන් අනතුරුව ශෝකපණිවිඩලොව නන් දෙසින් ගලාඒමට පටන් ගෙන ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
 
Related Posts with Thumbnails