Ads 468x60px

.

ආරාධනා කලේ නැතත් විශාල පිරිසක් කරුගේ කාර්යාලයට

එජාප හිටපු නියෝජ්‍ය නායක කරු ජයසූරිය කොළඹ කිරුලපන පෙදෙසේදී අභිනව පෞද්ගලික කාර්යාලය නිල වශයෙන් විවෘත කළා.මේ උත්සවය සඳහා කිසිවකුට නිල වශයෙන් ආරාධනා කර නොතිබු නමුත් මහජන නියෝජිතයන් ඇතුළුව එජාප පාක්ෂිකයන් හා ක්‍රියාකාරීන් සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළුව විශාල පිරිසක් එහි පැමිණ සිටියා.

"මන්ත්‍රීතුමා ඇයි කාටවත් ආරාධනා කරේ නැත්තේ"ඇතැම් අය විමසිලිමත්වුණා.තවත් අය දුරකථනයෙන් කරූට කතාකොට සුභපැතුවා.පැමිණීමට නොහැකිවීම පිළිබඳ කනගාටුව පළකළා.

 “ඔබතුමාලා මට ආශිර්වාද කරන බව මම දන්නවා. ඒ වුණත් මේ වෙලාවේ මෙහි ආවොත් ඒකත් සමහර විට ඔබතුමාලාට එරෙහිව වරදක් විදියට සැලකෙන්නට පුළුවන්” කරූ කියා සිටියා.මේ අවස්ථාවට පැමිණ සිටි අයට සංග්‍රහ කිරීම සඳහා කැවුම්, කිරිබත්, කෙසෙල් ඇතුළු දේශීය ආහාර වර්ග එහි සූදානම් කර තිබුණා.. 


මෙසේ පෞද්ගලික කාර්යාලයක් ආරම්භ කළේ මන්දැයි කරුගෙන් බොහෝ දෙනකු විමසා සිටි අවස්ථාවේදී කරු කීවේ, "පක්ෂ නායකත්වයට තරග කර පැරදුණාට පස්සෙ පැය විසිහතරක් යන්නට මත්තෙන් මට පාර්ලිමේන්තුවේ වෙන් කර තිබු නිල කාර්යාලය ඉබි යතුරු දමා ලොක් කිරීමට ලිඛිතව උපදෙස් නිකුත් වී තිබුණා. 

මාත් දෙසැම්බර් 31 වෙනිදා දක්වා එහි ඉන්නට මට නීතියෙන් අවසර තිබුණත් ලිඛිත උපදෙස් ලැබී පැය විසි හතරක් යන්නට කලියෙන් මම පාර්ලිමේන්තුවේ මට තිබුණු නිල කාමරයෙන් ඉවත් වුණා. මට නිලතල අහිමි වුණා කියා නිල කාමරය අහිමි වුණා කියා මාව හමුවන්නට එන පිරිස් එන්න එන්න වැඩි වුණා මිසක් අඩුවක් වුණේ නැහැ. 

එම හමුවීම්වලට මගේ අමරසේකර මාවතේ ගෙදර යොදා ගන්නට පවා අසීරු තත්ත්වයක් ඇති වුණා. ඒ නිසා ඕනැ කෙනකුට මා සමඟ කතාබස් කරන්නට අදහස් හුවමාරු කරගන්නට තමන්ගේ ගැටලු ගැන සාකච්ඡා කරන්නට ඒ වගේම අපගේ පෞද්ගලික, වෘත්තීමය කටයුතු සඳහා පහසුවක් ලෙසත් මේ කාර්යාලය ආරම්භ කළා"යනුවෙනි.
 
Related Posts with Thumbnails