Ads 468x60px

.

දඹානෙන් පැමිණි අයෙක්ගෙන් අමා හි මහේෂ්ට පැණි මුලක්

පේ‍්‍රක්ෂක සිත්වලට වඩා ළං වූ ටෙලි නාට්‍ය ති‍්‍රත්වයක් වන පබා, පබළු හා අමා හි කතා රචකයා වන මහේෂ් රත්සර මද්දුමආරච්චිට පසුගිය දවසක අපූරු අකරතැබ්බයකට මුහුණදීමට සිදුවී ඇතැයි වාර්තා වේ.මහේෂ් සිය රැකියා කටයුතු සඳහා ගෙදරින් පිටව යාමට සූදානම් වෙද්දී ඔහුගේ ගේට්ටුව අසල දඹානෙන් පැමිණි අයෙක් සිටගෙන සිටිනු දැක ඇත.


පසුව
, තමාගේ ගේට්ටුව ඉදිරිපිටට වී සිටින්නේ මන්දැයි මහේෂ් ඔහුගෙන් විමසා තිබේ.දඹානේ අයගෙන් පිළිතුරු ලෙස ලැබී ඇත්තේ ‘අමා’හි තිර රචකයා මුණ ගැසීමට එතැන සිටින බවයි.මහේෂ් ඔහුගේ පිළිතුරෙන් තරමක් තැති ගැන්මකට ලක්වී ඔහු හමුවීමට ඇති අවශ්‍යතාවය කුමක්දැයි දඹානේ ඇත්තාගෙන් විමසා තිබේ.

දඹානේ
ඇත්තා පිළිතුරු ලෙස තමාට ‘අමා’හි පුංචි චරිත කෑල්ලක් ඉල්ලා ගැනීමට පැමිණි බවත්, ඊට සංතෝසමක් ලෙස ඔහුට පැණි මුලක්ගෙනා බවත් පවසමින් අතේ තිබූ පැණි මුල මහේෂ් වෙත දිගු කර ඇත. ඉන් පසුව මහේෂ්ට සිදුවන්නේ කුමක්ද යන්න තේරුම් ගැනීමට අපහසුවී නොමැති අතර ඔහු පෙරළා තමාට මෙම ලිපිනය දුන්නේ කවුදැයි විමසා තිබේ.

ලිපිනය
දුන් තැනැත්තා සම්බන්ධයෙන් හෙළිකිරීම තරමක් පෙරත්ත කළ දඹානේ ඇත්තා ලිපිනය දුන් තැනැත්තා නොකිවුවොත් ඔහුට චරිත කෑල්ලක් ඉල්ලා ගැනීමට නොහැකිවිය  හැකි බවට මහේෂ් බිය ගැන්වීමෙන් පසුව තමාට ලිපිනය දුන්නේ කැමරා අල්ලන මහත්තයා බව පවසා තිබේ.

පසුව
දඹානේ ඇත්තාට ටෙලි නාට්‍යවලට චරිත ලබාදෙන ආකාරය හා පටිපාටිය පිළිබඳව තේරුම් කර දුන් මහේෂ් මෙවැනි ලණු නොකන්නැයි උපදෙස් දුන් බවද පැවසේ.කෙසේවුවද මහේෂ්ට හමුවූඅපූරු නළුවා වෙනුවෙන් චරිතයක් මැවීමට සිතා මහේෂ් ඔහුගේ ලිපිනය ඉල්ලාගත් බවද මේ අතර වාර්තා වේ.
 
Related Posts with Thumbnails