Ads 468x60px

.

වැලිකඩ බන්ධනාගාරයේ ගැටුම අතරතුර අමාත්‍යවරුන්ගේ සගයන්ගේ ලිපිගොනු අතුරුදහන්

වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ ගැටුම අතරතුර එහි ලේඛණ භාරයේ තිබූ වැදගත් ලිපිගොණු ගණනාවක් අතුරුදහන් වී ඇත. බන්ධනාගාරයේ අභ්‍යන්තර පරිපාලන නිළධාරියෙකු පැවසූයේ මෙසේ අතුරුදහන්ව ඇත්තේ ප‍්‍රකට අමාත්‍යවරු කිහිපදෙනෙකුගේ සගයන්ගේ ලිපිගොනු බවය. මේ අනුව පැහැදිලි වන්නේ සිරි ගෙදර නැටුම කලින් වුවමනාවක් මත සැලසුමි කල සිද්ධියක් බවය.

වැලිකඩ සිරගෙදර සිරකරුවන්ට වෙඩි වැදීමෙන් එහි සිටි නිරායුධ සිරකරුවන් 2 ක් මිය ගිය අතර 200 ක් පමණ තුවාල ලැබූහ. ජාත්‍යන්තර සමිමුතිය අනුව නිරායුධ සිරකරුවන්ට එරෙහිව ජීව උණ්ඩ භාවිතා කිරීම සපුරා තහනමිය. එම නීතිය උල්ලංඝණය කළ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ජීව උණ්ඩ එල්ල කොට තුවාල වී ඇති සිරකරුවන්ගේ සුව දුක් බැලීම සඳහා ඔවුන්ගේ ඥාතීන්ට පවා තහනමි කර ඇත.
 
Related Posts with Thumbnails