Ads 468x60px

.

රටවල් රැසක ජනප‍්‍රියත්වයට පත්වූ ලූසී ලොව්ලස් පොලීසියට

ශ‍්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල් රැසක  ජනප‍්‍රියත්වයට පත්වූ සීනා වෝරියර් ප‍්‍රින්සස්    ටෙලි කතා මාලාවේ ප‍්‍රධාන චරිතය නිරූපනය කළ ලූසී ලොව්ලස් නවසීලන්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.


ලූසී ලොව්ලස් ඇතුළු පරිසරවේදී කණ්ඩායමක් විසින් දැවැන්ත බහුජාතික සමාගමක් වන ෂෙල් සමාගමට අයත් තෙල් කැණීම් යාත‍්‍රාවක් අත්පත් කරගැනී මීට හේතුව බවද පැවසේ.නවසීලන්ත ජාතිකයෙකු වන ඇය 2009 වසරේ සිට ග‍්‍රීන්පීස් සංවිධානයේ නියෝජිතවරියක ලෙස නම්කර සිටියාය.

ප‍්‍රබල
පරිසරවේදී ක‍්‍රියාකාරිනියක් වූ ඇය ආර්ක්ටික් මුහුදේ තෙල් කැනීම ඇතුළුව කරනු ලබන පරිසර හානි සදහා මුල සිටම විරුද්ධ වූ බව පැවසේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලූසී පවසා ඇත්තේ අවසාන තෙල් බිඳුවත් සූරාගැනීම සඳහා ලෝකයේ අවසානය තෙක් ගමන් කිරීම අවසන් කළ යුතු බවත් නැවත භාවිතා කළ හැකි බලශක්ති ප‍්‍රභවයන් වෙත යොමුවිය යුතුව ඇති බවත්ය.

තවද අදාළ  සමාගමට  මෙලෙස ආර්ක්ටික් මුහුදේ තෙල් කැනීමට අවසර දීම හේතුවෙන් එහි  පරිසරයට සහ  ජනතාවගේ ජීවිතයටද  හානි සිදුවන බව ඇය වැඩිදුරටත් පෙන්වා දී තිබේ.පසුගිය වසරේදී ෂෙල්  සමාගම විසින් මෙක්සිකෝ බොක්ක ආශ‍්‍රිතව පවත්වාගෙන ගිය තෙල් අටල්ලක් පිපිරීමෙන් විශාල පරිසර හානියක් සිදුව ඇත.

මෙවැනි
තත්ත්වයක් තුළ මෙම සමාගම කෙරෙහි විශ්වාසය තැබිය නොහැකි බව පරිසරවේදීහූ පෙන්වා දෙති.


 
Related Posts with Thumbnails