Ads 468x60px

.

මීනාගේ ගොලු චිත‍්‍රපටය ලංකාවේ තිරගත වීම සැක සහිතලු

පේ‍්‍රක්‍ෂක ජනාදරය දිනාගත් මීනා කුමාරි ජාත්‍යන්තර සිනමා අධ්‍යක්‍ෂවරයෙකු වන ෂාජි එන්. කරූන් හමුවේ ගොලුවී ඇතැයි වාර්තා වේ. මීනා මෙසේ ගොලු වූයේ ෂාජි විසින් අධ්‍යක්‍ෂණය කළ කලාත්මක චිත‍්‍රපටයක් වන ‘කුට්ටි ශ‍්‍රාන්ක්’ විත‍්‍රපටයේ ‘කාලි’ නම් ගොලු තරුණියගේ චරිතයට පණ පොවමින් බවද පැවසේ.


එම චිත‍්‍රපටයේ ප‍්‍රධාන නළුවා වූයේ ෆිල්ම් ෆෙයාර් සම්මානයෙන් ද පිදුම් ලැබූ ‘මම්මුති’ ය.එසේම එම චිත‍්‍රපටය සඳහා කමලිනී මුකර්ජි හා පද්මා පි‍්‍රයා යන සම්මානනීය නිළියන්ද රංගනයෙන් දායක වූවාය.මීනා මෙම සිනමා පටයට දායකවී ඇත්තේ 2009 වසරේදීය.

කෙසේවුවද මලයාලම් බසින් නිපදවූ මෙම සිනමා සිත්තම ශී‍්‍ර ලංකාවේ තිරගතවීම නම් සැක සහිත බවද පැවසේ.ඊට හේතුවී ඇත්තේ එය වානිජ චිත‍්‍රපටයක් නොවන නිසා බව වාර්තා වේ.මලයාලම් සිනමාවේ චරිතයක් සොයාගත් මීනාට මෙතෙක් සිංහල සිනමා පටයක චරිතයක් නොලැබීම ද විශේෂ සිද්ධියකි.

‘උපුලී’ හා ‘වන්දනා’ ටෙලි සිත්තම්වල මේ දිනවල චරිත මවන වීනා ‘ට්‍රොජන් කාන්තාවෝ’ වේදිකා නාට්‍ය හරහා වේදිකාවේද පෙළහර පාන්නට සමත්ව සිටී.
 
Related Posts with Thumbnails