Ads 468x60px

.

ලොව සිහින්ම ඔරලෝසුව එප්සන් වෙතින්

ලොව සුපිරිතම තාක්ෂණික භාණ්ඩ නිපැයුම්කරුවෙකු සේ සැලැකෙන එප්සන් (Epson) සමාගම ජී.පී.එස්. (GPS) තාක්ෂණය සහිත ලොව සිහින්ම ඔරලෝසුව නිපදවීමට සමත්ව සිටී.


මීට පෙර ජී.පී.එස්. (GPS)
තාක්ෂණය සහිත ඔරලෝසු නිපදවා තිබුණමිලිමීටර් 13 ක් උස ග‍්‍රෑම් 50 ක් බර ඔරලෝසුවක්  නිපදවීමට කිසිදු සමාගමකට නොහැකි විය. දුර සහ වේගයද ඇතුළත්ව ක‍්‍රියාත්මක වන මෙය කල්පවතින නිමාවකින්ද යුක්ත වේ.

පූර්ණ
බලගත කිරීමකින් පසුව පැය 12ක් ජී.පී.එස්.(GPS) තාක්ෂණය සමග ක‍්‍රියා කළ හැකි මෙම ඔරලෝසුව කිසිදු උපද්‍රවයකින් තොරව මීටර් 50 ක් දිය යටට ගෙන යා හැකි වීමද එහි ඇති විශේෂත්වයකි.

තවද මෙය
දිගු දුර ධාවකයන්ට බෙහෙවින් ප‍්‍රායා්ජනවත් වන බවද එප්සන් (Epson) සමාගම පවසයි. නිෂ්පාදනය කර වැඩි දිනක් ගතවි නොමැති බැවින් මිල තීරණය කිරීමක් මෙතෙක් සිදු නොවූ නමුත් එය එතරම් ඉහළ මිලක් නොවනු ඇති බවද පැවසේ.

 
Related Posts with Thumbnails