Ads 468x60px

.

සෝනු හා දුෂ්‍යන්ත ගේ ප‍්‍රසිද්ධ රහස හෙළි වෙයි

ඩාන්සිං ස්ටාර් ලෙස කිරුළු පළන් දුෂ්‍යන්ත වීරමන් බොලිවුඩ් ගායක සෝනු නිගම් සමග එක්ව ගීතයක් ගායනා කල බව මේවන විට ප‍්‍රසිද්ධ රහසකි.එම ගීතය  මෙරට එෆ්.එම්. නාලිකා කිහිපයකද මේ වන විට විකාශය වේ.


‘ජස්ට් ද ෆැක්ට්’(JUST THA FACT) නමින් මෙම ගීතය නම්කර තිබේ. දුෂ්‍යමන්තට මෙම අවස්ථාව අහම්බෙන් ලැබුණු එකක් බවද පැවසේ.ඔහු පසුගිය කාලයේදී ‘කරළිය’ නම් ප‍්‍රසංග මාලාවක් කල අතර එම එක් ප‍්‍රසංගයක් ඔහු විසින් ඇමරිකාවේද පවත්වා තිබේ.

‘චල්තේ චල්තේ’ විත‍්‍රපටය නිෂ්පාදනය කල ජනපි‍්‍රය බොලිවුඩ් නිෂ්පාදකයෙක් වන ආදේශ් ශිවාස්කර්ද දුෂ්‍යමන්තගේ කරළිය ප‍්‍රසංගය නරඹා තිබේ.පසුව ඔහු සෝනු සමග දුෂ්‍යමන්තගේ ගායනය සම්බන්ධයෙන් පැවසීමෙන් පසුව සෝනු, දුෂ්‍යමන්ත සමග ගීතයක් ගායනා කිරීමට එකගවී තිබේ.

පසුව අලුත් තනුවකට අනුව ‘ජස්ට් ද ෆැක්ට්’ නිර්මාණයවී ඇති අතර මෙය පටිගත කර ඇත්තේ මුම්බායිහි රාගා ඒ.වී. ශබ්දාගාරයේය.මෙම ගීතය රචනාකර ඇත්තේ දුෂ්‍යමන්ත හා රාහුල් සේත් විසිනි.



 
Related Posts with Thumbnails