Ads 468x60px

.

රොහාන් වැලිවිට උමයංගනාට හා සඳනිට හරහට හිටි

ප‍්‍රවීන චිත‍්‍රපට සංස්කරණ ශිල්පියකු වන ඩෙන්සිල් ජයවීරගේ කළුදුල් චිත‍්‍රපට අධ්‍යක්‍ෂණය වූ ‘වස්සානයේ සෙනෙහස’ ප‍්‍රදර්ශනය ආරම්භ කිරීමට දින නියමවී තිබුණේ මාර්තු 02 වැනිදා (ඊයේ) ටය.කෙසේ වු ඩෙන්සිල්ට සිය චිත‍්‍රපටය ඊයේ තිරගත කිරීමට නොහැකි විය.


ඊට
හේතුවූයේ එම චිත‍්‍රපටයේ පිටත් ඊයේ දිනය වන විටත් නොලැබීම නිසාය. මෙම පිටත් ඉන්දියාවේ සිට ලංකාවට ගෙන්වා ගැනීමේ මූලිකයා ලෙස කටයුතු කළ ජනාධිපති සම්බන්ධීකරණ නිලධාරියකු වන රොහාන් වැලිවිටඑම පිටපත් ගෙන්වා ගැනීමට නොහැකිවීම නිසා මෙම අකරතැබ්බය සිදුවී තිබේ.

රොහාන්ගේ
නොහැකියාවේ ප‍්‍රතිඵලය වූයේ ‘වස්සානයේ සෙනෙහස’ ප‍්‍රදර්ශනය ලබන 09 වැනිදා දක්වා කල්යාම බව කලා ක්ෂේත‍්‍රයෙන් වාර්තා වේ.‘වස්සානයේ සෙනෙහස’ හි ප‍්‍රධාන නිළිය ලෙස උමයංගනා වික‍්‍රමසිංහත්, ප‍්‍රධාන නළුවා ලෙස චන්දික නානායක්කාරත් චරිත මවන අතර මෙහිදී ළමා නිළි උදාර ලක්සිරණිසිනමාවට හඳුන්වාදීමට නියමිතය.

සඳලි
සුලක්ඛනා හා උමයංගනා වික‍්‍රමසිංහ යන ටෙලි නිළියන් දෙදෙනා චිත‍්‍රපටයක ප‍්‍රධාන චරිත මවන ප‍්‍රථම අවස්ථාවමෙයවීම විශේෂ සිද්ධියකි.කෙසේවුවද අදාළ සිද්ධියත් සමග සඳනි හා උමයංගනාගේ රංගන ප‍්‍රදර්ශනය ප‍්‍රමාදවීම නිසා ඔවුන්ගේ සෙනසුරා රොහාන් වැලිවිට බවට ක්ෂේත‍්‍රයේ රාවයක් පැතිර ඇතැයිපැවසේ.

මෙම
චිත‍්‍රපටය මුලින් ‘දෑසේ දිස්නය’ ලෙස නම් කර තිබිණි.

විජේරත්න
වරකාගොඩ, වීණා ජයකොඩි, ජනක් පේ‍්‍රමලාල්, උදිත් අබේරත්න, රොඞ්නි වර්ණකුල, රාජසිංහ ලෝලූවාගොඩ, ගාමිණී ජයලත්, මනෝහාරි විමලතුංග, ශ‍්‍රියානි මහවත්ත, ගුණවර්ධන හෙට්ටිආරච්චි, මිහිර සිරිතිලක, චාමි සේනානායක, ආදීහු මෙහි රඟති.

සහාය
අධ්‍යක්ෂණයෙන් රංජිත් ජයසිංහ ද, කැමරා අධ්‍යක්ෂණයෙන් එම්. ඒ. ගෆූර් ද, සංගීත අධ්‍යක්ෂණයෙන් සරත්අල්විස් ද, අංග රචනයෙන් ගාමිණී කොස්තා ද, කලා අධ්‍යක්ෂණයෙන් ප‍්‍රසාද් උඩුගමසූරිය ද, ගී පද රචනයෙන් ආචාර්ය අජන්තා රණසිංහ, සමන් චන්ද්‍රනාත් වීරසිංහ ද, ගැයුමින් බුද්ධික උෂාන්, නිලූපුලී දිල්හාරා සහ සේනානි පංචමධුරිමෙයට එක්වෙති.

මෙහි
කතාව, දෙබස්, තිර රචනය, සංස්කරණය ද අධ්‍යක්ෂවරයා වන ඩෙන්සිල් ජයවීර විසින්ම සිදුකර තිබීම ද විශේෂිතය. සුදත් ධර්මප‍්‍රිය සහ උපුල් ප‍්‍රියන්ත මේ සඳහා නිෂ්පාදනයෙන් දායකවී සිටිති. කෙසේවුවද මෙරට සංස්කරණ ශිල්පින් අධ්‍යක්ෂක ගොන්නට එකතු වී ඇත්තේ අතලොස්සකි. ටයිටස් තොටවත්ත, සුමිත‍්‍රා පීරිස් ඒ අතර ප‍්‍රධාන වේ.
අළුතින් එම අධ්‍යක්ෂක ගොන්නට එක්වූයේ ඩෙන්සිල්ය.


 
Related Posts with Thumbnails