Ads 468x60px

.

බජාජ් මෝටර් සයිකල් නැවත වරක් රුපියල් 7000 සිට 21,000 දක්වා මිල ඉහලට

බදු සංශෝධනයෙන් පසු මිල ඉහළ නැංවීමට සිදුවුණා ඬේවිඞ් පීරිස් සමාගම කියයි...

මෙරට ප‍්‍රසිද්ද බජාජ් යතුරු පැදි ගෙන්වා බෙදා හරින ඬේවිඞ් පීරිස් පෞද්ගලික සමාගම විසින් සිය යතුරු පැදිවල මිල ගණන් නැවත වරක් ඉහළ නංවා තිබේ.


ඉකුත්දා කෙරුණු බදු සංශෝධනයෙන් පසු සිදු වූ සමස්ත බලපෑමෙන් අඩක් ආවරණය වන පරිදි පළමු මිල ඉහළ නැංවීම සිදු වුනු බවත් ඉතිරිය ආවරණය කිරීම සඳහා මිල ගණන් නැවත ඉහළ නැංවූ බවත් ඬේවිඞ් පීරිස් පෞද්ගලික සමාගම පවසයි.

නව මිල ගණන් යටතේ රුපියල් 138,740 සිට රුපියල් 346,640ක් පමණ දක්වා විහිදෙන මිල ගණන් රුපියල් 145,740 සිට රුපියල් 367,640 දක්වා වැඩි වෙයි. මේ අනුව යතුරු පැදියක මිල ඉහළ යාම රුපියල් 7000 ක පමණ සිට රුපියල් 21,000 පමණ වේ.

 
Related Posts with Thumbnails