Ads 468x60px

.

ගිණුම්වල ඇති රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් හිටි හැටියේම අතුරුදන්

අනුන්ගේ ගිණුම්වලින් මුදල් අදින ජාත්‍යන්තර ජාවාරමක්...
පැමිණිලි 30 කට වැඩි ප්‍රමාණයක්‌....
ඩෙබිඩ් කාඩ්පත් වල රහස්‍ය තොරතුරු විදේශ රටවල ට ගියේ කොහොමද...?

විදේශ රටවල සිටින සංවිධානාත්මක කණ්‌ඩායම් විසින් ව්‍යාජ ඩෙබිට්‌ කාඩ් පත් යොදාගෙන ශ්‍රී ලංකාවේ පෞද්ගලික බැංකුවල මුදල් තැන්පත් හිමියන්ගේ ගිණුම්වල ඇති රුපියල් ලක්‍ෂ ගණනක මුදල් හොර රහසේම ලබා ගැනීමේ ජාත්‍යන්තර ජාවාරමක තොරතුරු අනාවරණය වී තිබේ.


සිය ගිණුම්වල ඇති රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් හිටි හැටියේම අඩුවීම පිළිබඳව පෞද්ගලික බැංකු කීපයක ගනුදෙනුකරුවන් විශාල පිරිසක්‌ එම බැංකු වෙත පැමිණිලි කර තිබිණි.


ඒ සම්බන්ධයෙන් එම බැංකු කළ පරීක්‍ෂාවකදී හෙළිවී ඇත්තේ අදාල ගිණුම් හිමියන්ගේ බැංකු ගිණුම්වල ඇති මුදල් ව්‍යාජ ඩෙබිට්‌ කාඩ්පත් යොදාගෙන විදේශ රටවල කිසියම් පිරිසක්‌ විසින් ලබාගෙන ඇති බවයි.
සිය ගිණුම්වල මුදල් අහිමිවීම පිළිබඳව එක්‌තරා පෞද්ගලික බැංකුවක්‌ වෙත මේ වන විට පැමිණිලි 30 කට වැඩි ප්‍රමාණයක්‌ ලැබී තිබේ.

එම බැංකුව සිය ගනුදෙනු කරුවන්ගේ බැංකු ගිණුම්වල මුදල් අඩුවීම පිළිබඳව සොයා බලද්දී හෙළිවී ඇත්තේ එම ගිණුම්වල ඇති මුදල් ඇමරිකාවේ විවිධ ප්‍රදේශවල වෙළඳසල් සහ තවත් ආයතන කීපයකින් ව්‍යාජ ඩෙබිට්‌ කාඩ්පත් යොදාගෙන ලබාගෙන ඇති බවයි.

සිය ගනුදෙනු කරුවන්ගේ ගිණුම්වල සහ ඩෙබිඩ් කාඩ්පත් වල රහස්‍ය තොරතුරු විදේශ රටවල සිටින ජාවාරම්කරුවන් අතට පත්ව ඇත්තේ කෙසේද යන්න පිළිබඳව සොයා ගැනීමට නොහැකිව එම පෞද්ගලික බැංකු දැඩි අර්බුදයකට මුහුණපා සිටිති.

මේ අතර මේ ආකාරයට ගිණුම්වල මුදල් අඩුවූ ගනුදෙනුකරුවන්ට අහිමිවූ මුදල් නැවත ලබාදීමට ද එම පෞද්ගලික බැංකු කටයුතු කරමින් සිටින බවද වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී කොළඹ එක්‌තරා ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ කියා සිටියේ මීට දින කීපයකට උඩදී මේ ආකාරයට සිය ගිණුමේ ලක්‍ෂ 3 1/2 ක මුදලක්‌ අහිමි වූ පුද්ගලයකු පොලිසිය වෙත පැමිණිල්ලක්‌ ඉදිරිපත් කිරීමට පැමිණි බවයි.

එම ගනුදෙනු කරුගේ ගිණුමේ තිබූ රුපියල් ලක්‍ෂ 3 1/2 ක මුදල ලබාගෙන ඇත්තේ ඕස්‌ටේ‍්‍රලියාවේ බැංකුවකින් බවද පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබිණි.ව්‍යාජ ඩෙබිට්‌ කාඩ් පත් යොදාගෙන මෙසේ මුදල් ලබා ගැනීම නතර කිරීමට පියවර නොගත හොත් ඉදිරියේ දී බැංකු ගනුදෙනුකරුවන් මෙන්ම පෞද්ගලික බැංකුද විශාල අර්බුදයකට මුහුණදීමට සිදුවනු ඇති බව අසරණ තත්ත්වයට පත්වූ ගනුදෙනුකරුවෝ පවසති.
 
Related Posts with Thumbnails