Ads 468x60px

.

මට තියෙන්නේ එක සාරියයි ෆොටෝ ගන්නවානම් ගන්න පියුමි කියයි

පියුමි වෙසක් දින කවරයකට පෙනී සිටීමට ඇඳගෙන විත් ඇත්තේ මගුල් ගෙදරක යන විදිහටලු...

ජනපි‍්‍රය ටෙලි නිළි පියුමි බොතේජු සාරි හිගයකට ලක්ව සිටින බව වාර්තා වේ.සති අන්ත පුවත් පතක ටැබ්ලොයිඩ් අතිරේකයක වෙසක් සතියේ මුල්පිටුව සැරසීමට පියුමිට ආරාධනා ලැබී තිබේ.


ඒ සඳහා ඡායාරූප ලබාගැනීමට දින නියම කරගත් දිනයේදී පියුමි සාරියකින් සැරසී අදාළ දර්ශන තලයට පැමිණ ඇත.කෙසේවුවද පියුමි වෙසක් දින කවරයකට පෙනී සිටීමට ඇඳගෙන විත් ඇත්තේ මගුල් ගෙදරක යාමට උචිත සාරියක් බව පැවසේ.

පසුව ඡායාරූප ශිල්පියා විසින් පියුමිට සාරිය මාරු කළොත් හොඳ බව පවසා ඇත.පියුමි ඔහුට පිළිතුරු ලෙස දී ඇත්තේ තමාට ඇත්තේ එක සාරියක් බවත්, එම සාරියෙන් තමාගේ ඡායාරූප ලබා ගන්නේ නම් ගන්නා ලෙසයි.

කෙසේවුවද පසුව චන්දික නානායක්කර සමග පෙනී සිටි මෙම ඡායාරූපයට පියුමිට හරහට සිටින ලෙස දන්වා පියුමිගේ සාරි මෝස්තරය කෙළින්ම ඡායාරූපයට නොවැටෙන සේ ඡායාරූප ගෙන අදාළ කවරය සකස් කරගෙන ඇති බවද පැවසේ.
 
Related Posts with Thumbnails