Ads 468x60px

.

පාන් කියා ගන්නත් බැරි තරමට පාන් ගෙඩියේ මිල ඉහල ගිය හැටි

මහජනතාව රවටන පාන් ගෙඩියේ බර...

වෙළඳ පොලෙන් මිලදී ගන්නා පාන් ගෙඩියේ නියමිත බර තිබේද කියා අප මැන බලන්නේ නැත.එහෙත් පාන් ගෙඩියක් රුපියල් 58 කට මිලදී ගනිමු.පාන් නොකා බත් කන්න යැයි කීවාට තවමත් බොහෝ දෙනා පාන් කන්නේ එහි පහසුව නිසාය.


බතක් උයා ගන්නට දර ,ගෑස්,හෝ භූමිතෙල් අවශ්‍ය නිසා පාන් ගෙඩියක් පහසුවෙන් පරිභෝජනය කල හැකිය.එසේ ගන්නා පාන් ගෙඩිය ඔබට බොරු කරන බව දන්නේ පැය කිහිපයකට පසු බඩගිනි වූ විටය.එහෙත් එසේ වන්නේ පාන් ගෙඩියේ නියමිත බර නැති නිසා බව ඔබ නොදන්නවා විය හැකිය.
 
පාන් ගෙඩිය සම්බන්ධයෙන් නීති තදින් ක්‍රියාත්මක නොවීම නිසා බර අඩු පාන් නිපදවා හසු වුවත් එයින් පහසුවෙන් නිදහස් වෙන්නට බොහෝ දෙනා යොමු වී තිබේ.මේ නිසා පාරිභෝගිකයා රැකගැනීමට නීති රීති දැඩි කල යුතුය.පාන් ගෙඩියක තිබිය යුතු බර හා එම බර ප්‍රමාණයට අය කලයුතු මුදල පැහැදිලිව දැක්විය යුතුය.
 
එසේ නොවන්නට ‘පාන් කියා ගන්නත් බැරි තරමට පාන් ගෙඩියේ මිල ඉහල ගියද පාන් ගෙඩිය සැමදා ඔබට බොරු කරනු ඇත.
 
 
 
Related Posts with Thumbnails