Ads 468x60px

.

බණ්ඩාරවෙල කාන්තාවක් ගල්ගසා මරා දැමුව දරුවාගේ සත්‍ය කතාව

හිසට හා මුහුණට ගල්වලින් පහරදීලා...

මේ සිදු වීම සිදුවුනේ මැදපෙරදිග රටක නම් නොවේ.මේ අපගේ ශ්‍රී ලංකාවේය.මනුෂ්‍යත්වය ඉක්මවා තිරිසන්කම සියොළඟ වසා ගත් කල් හි මනුෂයෙකුගේ සහ තිරිසනකුගේ අතර වෙනස කුමක්ද?


බණ්ඩාරවෙලදී සිදුවූ කාන්තාවකගේ ගල් ප්‍රහාරයට ලක් වීමෙන් සහ ඇගේ සුනඛයා විසින් සපා කෑමට ලක්ව මියගිය කුඩා දරුවාට සිදුවූ අහස පොලොව නුහුලන අපරාධය ..

බණ්ඩාරවෙල ඇල්ල කිනලන් වත්තේ විද්‍යාලයේ දී කාන්තාවක් විසින් එල්ල කරන ලද ගල් ප්‍රහාරයන්ට ලක් වූ එම විද්‍යාලයේ 1 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ එස් මනෝජ් නම් ශිෂ්‍යයා  බදුල්ල මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එහි දැඩි සත්කාර ඒකකයේ දී රාත්‍රියේ
දී මිය ගියා.

ඔහු එම වත්තේම පදිංචිව සිටින අතර . උදේ 7.00 ට පමණ පාසලට ඇතුළු වූ කාන්තාවක් සිසුන් පිටුපස එළවාගෙන ගොස් ඇති අතර ගලකින් හිසට ගසා මෙම ළමයා බිම වැටුණු පසු තවත් ගල්වලින් හිසට හා මුහුණට පහරදී ඇති බවත් ඇය සමග පැමිණි සුනඛයෙකු ද මෙම ළමයා හපා කා ඇති බවත් ‍පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වුනා .

මුහුණට හා හිසට බරපතළ තුවාල ලබා ‍ලේ ගලමින් සිටි මෙම සිසුවා වත්තේ කම්කරුවෙකු විසින් ත්‍රිරෝද රථයකින් ගෙන ගොස් දෙමෝදර රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී හදිසි ප්‍රතිකාර ලබාදීමෙන් පසු බදුල්ල මහ රෝහලට එවා තිබුනා.

සැකකාර කාන්තාව ඇල්ල ‍පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර සිදුකරන ලද ‍පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇති පරිදි ළමයාට ගල්වලින් පහර දී ඇත්තේ අසල්වැසි ලැයිමක වාසය කරන 23 හැවිරිදි කාන්තාවක විසිනි.

ඇය මේ ළමයාගේ මව සමග අමනාපයෙන් පසුවී ඇත. මියගිය ළමයා මව සමග ජීවත් වී ඇති අතර ඔහුගේ පියා පවුලෙන් වෙන්වී ගොස් ඇත්තේ ළමයා කුඩා අවදියේදීය.

සිද්ධිය වූ දින සැකකාර කාන්තාව උදේ 6.30 ට පමණ පාසලට ගොස් මනෝජ් කවුදැයි අනික් ළමුන්ගෙන් විමසා ඇත. පසුව ඔහු සොයාගෙන ඔහුට ගල්වලින් දමා ගසා තිබේ. එවිට මනෝජ් දුවන්නට වී ඇති අතර ඇය එවිට තමා සමග පැමිණි බල්ලා උසි ගන්වා ඇත. බල්ලා දුවගොස් ළමයා බිම පෙරළා ගෙන සපා කන විට එම කාන්තාව යළිත් ගලකින් ළමයාගේ හිසට පහර දී තිබේ.

පසුව අසල්වාසීන් ළමයා රෝහල්ගතකොට ඇත. මෙම ඝාතනයට හේතුව තවමත් නිශ්චිතව අනාවරණය වී නැති අතර මෙම කාන්තාව කිසියම් මානසික ව්‍යාධියකින් පෙලෙන්නෙක් බවට පොලිසිය සැක පහල කරයි .බණ්ඩාරවෙල පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
 
Related Posts with Thumbnails