Ads 468x60px

.

යෝගී භාවනා ක්‍රමයක්‌ තුළින් දියමත පාවෙන අපුරු මිනිසා

දියමත පාවෙමින් විනාඩි 40 ක්‌ පමණ සිටිය හැකිලු ...

දියට පුද්ගලයකු වැටුණු විට සිදුවන්නේ ඔහු දියේ ගිලී යැමය. නමුත් මුහුදේ පාවී හිරු වන්දනාවේ යෙදෙන පුද්ගලයකු උණවටුණ මුහුදු තීරයේදී හමුවිය. 


ඔහු ගාල්ල මඩපාතල පදිංචි 58 හැවිරිදි නෝමන් යසරත්න මහතාය. අවුරුදු 14 දී පමණ මෙම ක්‍රියාවලිය ගාල්ල දඩල්ල මුහුදු තීරයේදී පුරුදු පුහුණු කළ බව පවසන නෝමන් මහතා මෙසේ දියමත පාවෙමින් විනාඩි 40 ක්‌ පමණ සිටිය හැකි බව පවසයි. 

යෝගී භාවනා ක්‍රම තුළින් මෙය ප්‍රගුණ කළ බව මොහු කියයි. ගාල්ල මහින්ද විදුහලේ ආදී ශිෂ්‍යයකු වන නෝමන් යසරත්න මහතා ස්‌විට්‌සර්ලන්තය ඇතුළු යුරෝපා රටවල් රාශියක සංචාරය කර ඇත.

විදේශීය භාෂා 5 ක්‌ කතා කිරීමට ඔහුට හැකිය. නෝමන් මහතා දැනට උණවටුන මුහුදු තීරයේ සංචාරක ව්‍යාපාරයේ යෙදී සිටී.
 
Related Posts with Thumbnails