Ads 468x60px

.

අද තරම් මට සැහැල්ලූවක් දැනුනු දවසක් නෑ - අනෝමා

අද මට ගොඩාක් සතුටු දවසක් වගේම සැනසුම් සුසුමක් හෙලන්න පුළුවන් දවසක්...

සරත් ෆොන්සේකා මහතාට තවදුරටත් නවලෝක රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදුන් අවසරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය මෙසේ පැවසීය.


ෆොන්සේකා මහත්තයා බලන දොස්තර මහත්තයා එතුමාගෙන් අයින් කරයි රෝහල වෙනස් කරයි. ඒ වගේ දේවල් හිත හිතා තමයි අධිකරණයට ගියේ. අධීකරණය විසින් දුන් තීන්දුව අගය කරනවා. එම තීන්දුවට හිස නමා ආචාර කරනවා. අපි හැම තිස්සෙම අධිකරණයට ගරු කරනවා. 

මින් ඉදිරියටත් එසේ කිරීමට බලාපොරොත්තු වෙනවා. අද තරම් මට සැහැල්ලූවක් දැනුනු දවසක් නැහැ. කෙනෙකුට ඉතාමත් අවශ්‍ය වන්නේ නිරෝගී සුවයයි. ඒ සඳහා මගේ සැමියාට ලබා දුන් අවසරයට අධීකරණයට මාගේ හෘදයාංගම ස්තුතිය පුද කරනවා’ යයිද ඇය සඳහන් කරයි.
 
Related Posts with Thumbnails