Ads 468x60px

.

HD තාක්ෂනය සමගින් හිරු ටී වී මැයි 23 දා සිට

වැඩිම ආවරණ කලාපයක් හිමි ටෙලිවිෂන් නාලිකාව ලෙසටත් හිරු ටී වී...
 
ඒ බි සි මාධ්‍ය ජාලය සිය පළමු ටෙලිවිෂන් නාලිකාව හිරු ටී වී ලබන 23 වෙනිදා සිට විකාශන කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.


එසේම දශක 30 කට වැඩි ලාංකීය ටෙලිවිෂන් ඉතිහාසයේ පෙරලියක් සිදු කරමින් පර්යේෂණ විකාශයේ සිටම මෙරට වැඩිම ආවරණ කලාපයක් හිමි ටෙලිවිෂන් නාලිකාව ලෙසටත් හිරු ටී වී පත්වෙනවා.

එසේම ශ්‍රී ලාංකීය ටෙලිවිෂණයට එක්වන HDහෙවත් හයිඩෙෆිනිෂන් තාක්ෂනය භාවිතා කරන ප්‍රථම නාලිකාව වන්නේත් හිරු ටී වී නාලිකාවයි.



මෙයින් ඉහල ගුණාත්මක බවකින් යුත් රූපරාමු ප්‍රේක්ෂකයාට නැරඹීමේ හැකියාව ලැබෙන බව ඒ බි සි මාධ්‍ය ජාලයේ සභාපති රෙනොද සිල්වා මහතා ඊයේ පවතී මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවේදී පැවසු අතර අන් නාලිකාවලට සමකල නොහැකි රුප ,ශබ්ද විඳගත හැකි බවද පැවසුවා.

තවද අද දවසේ සිට හිරු ටී වී පර්යේෂණ විකාශය සුසර කරගැනීමට මේ වනවිටත් ප්‍රේක්ෂක ඔබ සැමට හැකියාව ලැබී තිබෙන බවට ඔහු තව දුරටත් කියා සිටියා.


තවද මෙම මධ්‍ය සාකච්ජාවට සිරස ආරම්භක වැඩසටහන් අධ්‍යක්ෂ නිමල් ලක්ෂපතිආරච්චි මහතාද එක සිටි අතර ඔහු හිරු ටී වී නාලිකාවේ වත්මන් වැඩසටහන් අධ්‍යක්ෂක වරයා ලෙස කටයුතු කරයි.
 
Related Posts with Thumbnails