Ads 468x60px

.

දේශපාලනයට පිවිසීමට කිසිසේත්ම අදහසක් නැ - මාලක සිල්වා

පියාගේ දේශපාලනයට පෙර සිටම උදව් කලා ඉදිරියටත් එසේමයි...

වෙසක් උත්සවය වෙනුවෙන් කිරිබත්ගොඩ සිංහල එකසත් වෙලඳ සංගමය විසින් සංවිධානය කළ දන්සැලක් පැවැත්වුණා. එහිදී මර්වින් සිල්වා පැවසුවේ තමන්ගෙන් පසු කැළණිය බාරගන්නේ තමන්ගේ පුතා බවය.
"අලුතෙන් මේකට ඇප්ලිකේෂන් අවශ්‍ය නැහැ. මගෙන් පස්සේ මගේ පුතා තමයි කැළණිය හදන්නේ. එක පුතයි ඉන්නේ. අනිත් දුව නීතීඥවරියක්. එයාට ඕනේ නෑ, ඒයා කිව්වා අයියා වෙනුවෙන් උසාවියේ නොමිලේ පෙනී සිටින්නම් කියලා....එයාගේ තිබුන නඩු ඉවරයි. මටත් කොච්චට නඩු තිබුනද"

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ පිටතින් ඇප්ලිකේෂන් ගැනීම අනවශ්‍යය බවත් තමාගෙන් පසු තම පුතා ඒ සඳහා ඉදිරිපත්ව සිටින බවත්ය.

නමුත් අද දින (09) පුවත්පතකට මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ පුත් මාලක සිල්වා ප්‍රකාශකොට තිබුනේ ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමට තමාට කිසිසේත්ම අදහසක් නැති බවයි.


සිය පියාගේ දේශපාලනයට මෙයට පෙර සිටම උදව් කර බවත් ඉදිරියටත් එසේ උදව් කරන බවත් ඔහු ප්‍රකාශ කර තිබුණි.
ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීම වෙනුවට තමාගේ ව්‍යාපාර දියුණුකරගෙන සිටීම ඔහුගේ අරමුණ බවද ඔහු වැඩි දුරටත් ප්‍රකාශකොට තිබුනා.
 
Related Posts with Thumbnails