Ads 468x60px

.

කොටි කොඩියේ දර්ශන ආවේ ආරක්ෂක අමාත්‍යංශයෙන් - ITN සභාපති

යාපනයේ රැලිය ITN මාධ්‍යවේදීන් සහභාගී වුනේ නෑ...

යාපනයේ පැවති ඒකාබද්ධ මැයි රැලියට සහභාගී වූ අයෙකු කොටි සංවිධානයේ කොඩියක් වනමින් සිටින දර්ශන ITN නාලිකාව මගින් ඉකුත් මැයි දින දවසේ ප්‍රචාරය වූ අතර ඒ සම්බන්ධයෙන් ස්වාධින රූපවාහිනී සේවයේ සභාපති රොස්මන්ඩ් සේනාරත්න මහතා පවසන්නේ තමන්ට ඒ දර්ශන ලැබුනේ ආරක්ෂක අමාත්‍යංශයෙන් බවයි.


ඒ මහතා මේ පිලිබඳ එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් තිස්ස අත්තනායක මහතාට දන්වා යවා ඇති අතර යාපනයේ රැලිය ආවරණය කරන්නට ITN මාධ්‍යවේදීන් සහභාගී නොවූ බවටද රොස්මන්ඩ් සේනාරත්න මහතා තවදුරටත් පවසා ඇත.
 
කෙසේ වෙතත් මෙහි සත්‍ය අසත්‍යතාව  සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයෙන්  පිළිතුරක් ලැබෙන තෙක් අපි බලා සිටිමු.
 
 
 
Related Posts with Thumbnails