Ads 468x60px

.

අපි අතර සම්බන්ධයක් නැතුවම නෙමෙයි අපි හොඳ යාලුවෝ තාම - ෂෙරිල්

චිලි සහ ෂෙරිල් කටකතා වලට පිළිතුරු දෙයි...

චිලි සහ ෂෙරිල් ගැන විවිධාකාර කටකතා පසුගිය කාලයේ පැතිරුණ අතර මේ ඔවුන් ඒ සඳහා දුන් පිළිතුරු


චිලි ඔයා ආදරය ගැන මොකද හිතන්නේ ?
ඇත්තටම ආදරය කියන්නේ හුඟක් සුන්දර බැඳීමක මුලාරම්භයක්..



චිලිට මේ වෙද්දී ප්රෙමවන්තියක් ඉන්නවද ?
එහෙම විශේෂ කෙනෙක් නැහැ .හැබැයි මම ආදරය කරන අය ඉන්නවා


ජනප්‍රියතාවත් එක එක්කෙනා ගැන කතා කරන්න ගන්නවා.ඒක ඔයත් අත් විඳලා ඇති ?
රසිකයෝ හොඳ කියනවා ..නරක කියනවා ..හැමදේම කියනවා ..සමහර කට්ටිය මාව කිසිම තේරුමක් නැතිව වැඩක් කරන කෙනෙක් විදියටත් දකින අවස්ථා තියෙනවා 


කටකතා ගැන මොකද හිතන්නේ ?
කටකතා ඉතින් කොහොමත් ජනප්‍රියතාවත් එක්ක එන දෙයක්නේ .කටකතා හැදෙන එක ඉතින් අපිට නවත්වන්න බැහැනේ.ජනප්‍රිය වෙනවයි කියන එකේ හොඳම සාධකය තමයි කටකතා.


චිලි කටකතා වලට බයද ?
ඔව්.මොකද සමහරක් අවස්ථාවලදී බොරු ප්‍රචාරයන් නිසා අපහසුතාවන් ඇති නොවුනාම නොවෙයි.


ඔයා සහ ෂෙරිල් අතර සම්බන්ධයක් තියෙනවද ?
අනේ ඒක ඇත්තටම විහිළුවක්.යම් යම් මාධ්‍ය හරහා ඔයා ගැන කටකතා තියෙනවා.මම ෂේරිල්ට කැමතියි.අපි හොඳ යාලුවෝ.ඒ සම්බන්ධතාව මත කිසිම දෙයක් ගැන මම හිතලා නැහැ.


දැන් අපි බලමු ෂෙරින් මොනවද මේ කටකතා ගැන කියන දේ කියලා …
ජනප්‍රිය මිනිස්සුන්ට හැදෙන කටකතා ගැන ෂෙරිල් මොකද හිතන්නේ ?
මමත් ඔය කියනදේට මුහුණ දුන් අවස්ථා නැතුවාම නෙවෙයි.මම මගේ රසිකයන්ට හුඟක් ආදරය කරනවා.එත් මම එයාලගෙන් ඉල්ලන්නේ එක එක විදියට මාධ්‍යන් හරහා කෙරෙන බොරු ප්‍රචාර විශ්වාස කරන්න එපා කියලා ..


ඔයා ආදරය ගැන මොකද හිතන්නේ ?
ආදරේද …හොඳයි ඉතින් ..


කටකතා ගැන මොකද හිතන්නේ ?
මේකයි කටකතා හැදෙන්නේ ජනප්‍රිය තාවත් එක්ක.එත් එක්කම මම හුගක් සැහැල්ලුවෙන් ජීවත්වෙන කෙනෙක්..මට ආදරය කරන ප්‍රේක්ෂකයන්ව මට නැති කරන්න හදන මිනිස්සුන්ගේ වැඩක් තමයි කටකතා.ඒ ගැන මමහුගක් හිතන කෙනෙක් නෙමෙයි.


කටකතා වලට බයද ?
අනේ පොඩ්ඩක් වත් බය නෑ..


ඔයයි චිලියි අතර අදර සම්බන්ධතාවක් තියෙනවද ?
ඔය කටකතාව හැදෙන්න මුලිකම හේතුව මම චිලිගේ මියුසික් වීඩියෝ එකක් කළා.’ලා රෝස ‘ කියලා ..ඒකයි

ඔයයි චිලියි අතර සම්බන්ධයක් නෑ?
අපි අතර සම්බන්ධයක් නැතුවම නෙමෙයි.අපි හොඳ යාලුවෝ තාම.මම ඒ ගැන ඊට වඩා දෙයක් කතාකරන්න කැමති  නෑ.

කලා ක්ෂේත්‍රය  යනු විවිධාකාර කටකතා උපදවන ක්ෂේත්‍රයකි.අද කටකතාවක් වන දේ එක්කෝ හෙට බොරුවකි නැතිනම් ඇත්තකි. කෙසේ වෙතත් කලා ක්ෂේත්‍රයේ නියුතු පුද්ගලයන්ට එන කටකතා ලැව්ගින්නක් සේ පැතිර යන්නේ ඔවුන්ට ඇති ජනප්‍රියත්වය නිසාමය. කෙසේවෙතත් කලින් කලට එන මෙවැනි කටකතා වල ඇත්ත නැත්ත හරියාකාරවම කියන්න දන්නේද ඔවුන්ම පමණි.
 
Related Posts with Thumbnails