Ads 468x60px

.

විශේෂ විද්‍යාඥයන්ට පමනක් යා හැකි මනහර දූපත

හදිසියේ ගින්නක් හටගතහොත් එහි සිටින ජීවින් වඳ වීමේ තර්ජනයක ...

බ‍්‍රසීලයට අයත් ඊලා කෙමාඩා ග‍්‍රාන්ඩේ දිවයින, දිලිසෙන සියල්ල රන් නොවේ යන කියමන ඔප්පු කරන කදිම නිදසුනකි.



මතුපිටින් තවත් මනහර දූපතක් ලෙස දිස් වූවද එහි අඩියක් අඩියක් පාසාම මරුවා රැඳී සිටියි.ස්නේක් අයිලන්ඞ් (සර්ප දූව) ලෙස ද හැඳින් වෙන මෙම දූපත ලොව විශාලතම සර්ප ගහණයක් සිටින ප‍්‍රදේශය බව විදෙස් වාර්තා වල දැක්වේ.

බ‍්‍රසීලයට සැතපුම් 90ක් ඈතින් පිහිටි මෙම දූපතේ වෙසෙන්නේ ගෝල්ඩන් ලාන්ස්හෙඞ් නම් විෂඝෝර පොළොන් විශේෂයෙකි.
ලොව වඩාත් විෂඝෝර සර්ප විශේෂයක් වන මොවුන් මීටර 2ක් දක්වා වර්ධනය වේ.

ඊලා කෙමාඩා ග‍්‍රාන්ඩේ දිවයියේ සෑම වර්ග මීටරයක් පාසා මෙම සර්පයෙක් සිටින බව ඩිස්කවරි ආයතනයේ අධ්‍යනයක සඳහන් වේ.
සර්පයන්ගේ රජදහනක් වී ඇති මෙම දූවට ඇතුළු වීම නීතියෙන් තහනම් වන අතර, එයට යා හැක්කේ විශේෂ අවසර ලත් විද්‍යාඥයන්ට පමණි.
බ‍්‍රසීල රජයේ රැකවරණය යටතේ පවතින මෙම දූවේ වෙසෙන එකම සර්ප විශේෂය ගෝල්ඩන් ලාන්ස්හෙඩ්ය.

ලොව විශාලතම සර්ප ගහණයේ හිමිකරුවන් වුවද, මෙම සර්පයන් වෙසෙන එකම ප‍්‍රදේශය මෙම දූව බැවින් හදිසියේ ගින්නක් හටගතහොත්, මොවුන් වඳවී යනු ඇතැයි පරිසරවේදීන් පෙන්වා දෙයි.

 


 
Related Posts with Thumbnails