Ads 468x60px

.

සුදු ඇඳගත් ගැහැණියක් ගොරකදෙනිය මහපාරේ හි ඇත්ත නැත්ත

අත්තනගල්ලේ මෝහිනිගේ අවතාරය ගොඩ නැගුනු ආකාරය...

පිලංකඩ නම් ප්‍රදේශයේදී එක පුද්ගලයෙකු මෝටර් බයිසිකලයෙන් ගමන් ගන්නාවිට රාත්‍රියේදී කාන්තාවක් මෝටර් බයිසිකලයට අත දමා ඇත. 


ඇය සුදු පැහැයට හුරු ඇඳුමක් ඇඳ හිටි හෙයිනුත් එවන් පාලු ප්‍රදේශයක් කාන්තාවක අත දැමීම හේතුවෙනුත් එම පුද්ගලයා බියට පත්ව ඇත.
පසුව කල සොයා බැලීමකදී ඇය තරුණයන් කිහිපදෙනෙකු විසින් රාත්‍රියේදී එම ස්ථානයට ගෙනා කාන්තාවක් බව හදුනාගෙන ඇත.

දැන් අප හෙළිදරව් කිරීමට සුදානම් වන්නේ මෙම මෝහිනිගේ අවතාරය ගොඩ නැගුනු ආකාරයයි. එයට එම පරිසරයේ සාධකද මැනවින් ගැලපි තිබුණි.
එම අවතාරය දුටු පුද්ගලයන් අපට සම්බන්ධ කරගැනීමට නොහැකි වුවත් එම ප්‍රදේශය හොදින් දන්නා පුද්ගලයෙක් දැනට එම ප්‍රදේශයේ ගොඩ නැගී ඇති කතාව අප වෙත විස්තර කලේ මෙලෙසිනි.


"මහත්තයෝ ඔය හොල්මන් කරන්නේ වෙන කව්රුවත් නෙවෙයි. මේ පැත්තේ හිටපු ගෑනු ළමයෙක්. මතකද කාලෙකට ඉස්සරවෙලා නුවරඑළියේ ගිහිල්ල බාබකියු දුම වැදිලා ජෝඩුවක් මරුනේ. අන්න ඒ ගැණු ළමයා තමයි මේ"
එම අවාසනාවන්ත මරණය පිලිබඳ ඔබ බොහෝ දෙනා දැනුවත් බව අපගේ විශ්වාසයයි. මෙසේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේ මියගියේ යක්‌කල පදිංචි විරාඡ් චින්තක මුදන්නායක (24) හා බොනෑගල පදිංචි අමාලි රාජපක්‍ෂ (23) යන තරුණ යුවළය.

ඔවුන් දෙදෙනා නුවර එළියේ කළු කැලේ සංචාරක නිකේතනයක රුපියල් 20,000 ගෙවා යහළුවන් සමග ගතකොට ඇති අතර එහිදී ඔවුන් නැවතී තුබුණේ හෝටලයේ යට තට්ටුවේය.

රාත්‍රියේ සිතල ඉවසා ගැනීමට නොහැකි තැන විරාජ් විසින් එළියේ මස් පිලිස්සු ගිනි අඟුරු සහිත උදුන කාමරය තුලට ගෙන ඇත. අවසානයේ ඔවුන් දෙදෙනා අවසානාවන්ත අන්දමින් මියගියේ කාබන් මොනොක්සයිඩ් වායුව විස වීමෙනි.

නැවතත් සිදුවීම විස්තර කල ඔහු


"මහත්තයෝ ඔය පත්තර වල කියපු තරම් ගෑනු ළමයා හොද කෙනෙක් නෙවෙයි. පිරිමි ළමයි හතර පස් දෙනෙක්ම හිටියා. බස් එකේ නැග්ගම අදුරන්නේ නැති කොල්ලෙක් නැහැ. බහින්න කලින් හැමෝටම "යන්නම් අයියා" කියාගෙනයන්නේ.
පත්තරවලනම් තිබුනේ මේ දෙන්න හිටියේ විවාහ ගිවිසගෙන කියල. එත් ගෙදරින් දන්නෙවත් නෑ මේ දෙන්න නුවර එළියේ නවතින්න ගියා කියලා. කොහමහරි මේ හින්දා ගෑනු ළමයාගේ ගෙදරින් පොඩි අමනාපයක් තිබුනා මේ මරණේ ගැන. යාලු වෙලා හිටිය පිරිමි ළමය ගැනත් සැකයක් ඇතිවෙලා තිබුනා.
කොහම නමුත් ගමේ උදවියනම් කියන්නේ හරියට මේ ගැණු ළමයට පින් දීලා දානමය කටයුතු කැලේ නැහැ කියල.. එක හින්ද තමයි මෙයා ආපහු ඇවිත් තියෙන්නේ. ඔය දැරිවිගේ ගෙවල් කිට්ටුවම තමයි හොල්මන් කරන්නෙත්."
මෙම සිදුවීම පිටුපස ඇති කතාන්තරය දැනගැනීම ඔහුගේ විස්තරය අපට ප්‍රමාණවත් විය. එය ඕනෑම කෙනෙකු බියට පත්කිරීමට සෑහෙන බව අපගේ විශ්වාසයයි.

මීළඟට අප පල කෙරෙනුයේ මාධ්‍යය මගින් මෙම සිදුවීම ඇසින් දුටු අය විස්තර කල ආකාරයයි.

උපුල් වසන්ත - “එදා වෙලාව රෑ එකොලහමාරට විතර ඇති මං බයික් එකේ ගෙවල් පැත්තට එන කොට දැක්කා ගොරකදෙණිය හන්දියෙ බස් හෝල්ට් එකේ රතු බ්ලවුස් එකකුයි කළු සායකුයි ඇඳපු ගෑනු ළමයෙක් කකුලක් පිට කකුලක් දාගෙන වාඩිවෙලා ඉන්නවා. ඒත් මම කල්පනා කළා මේ වගේ වෙලාවක මෙතන තනියම ගෑනු ළමයෙක් ඉන්න විදිහක් නෑනේ කියලා. 


එහෙම හිතපු මම බයික් එක ආපහු හරවලා බලන කොට ඒ ළමයා අතුරුදන් වෙලා . ඒ වෙලාවේ මගේ හිතට ලොකු තිගැස්මක් ඇතිවුණා. නමුත් මම හිත ශක්තිමත් කරගෙන කෙලින්ම ගෙදර ආවා".

කෙසේවෙතත් මෙම අත්දැකීමට මුහුණ පා සිටින අනෙක් පුද්ගලයාගේ නමද උපුල් වසන්ත ය.මේ ඔහු පවසන සිද්ධිය

දෙවැනි උපුල් වසන්ත - “පහුගිය අප්‍රියෙල් දොළොස්වෙනිදා අඹගස්-පිටියේ යාළුවකු ගේ පුංචි පාටියක් තිබුණා. වැඩේ ඉවර වෙන කොට කොහොමත් පාන්දර තුනත් පසු-වුණා. මම තවත් යාළුවෙකුත් එක්ක වෑන් එකෙන් ගෙදර එන්න ඇවිත් ඒ යාළුවව අතන සපත්තු වැඩ ‍පොළ ළඟින් බැස්සුවා. 


ඊළඟට ගෙදර එන්න හැරෙන කොටම මං දැක්කා ඔය කියන ගෑනු ළමයා පාර අයිනේ ඉඳලා එක පාරටම වාහනේට අත දානවා. මේක දැක්කා විතරයි මට තරු විසිවුණා. මමත් මොකද කරන්නේ පුළුවන් තරම් ඉක්මනට වාහනේ පිකප් කරගෙන ටික දුරක් ඇවිත් පස්ස බලන කොට මෙන්න ඒ ළමයා වෑන් එකේ පිටිපස්සේ දවෛනි සීට් එකේ ඉන්නවා. ඒ වෙලාවේ මම කෑ ගහන්න හැදුවත් බයටම කෑ ගැහුණේ නෑ. නමුත් වාහනේ ගේ ඉස්සරහට ඇවිත් නවත්වන කොට කෑ ගැහුණා. ගෙදර කට්ටිය දුවගෙන ඇවිත් තමයි මාව වෑන් එකෙන් එළියට ගත්තේ."

ත්‍රිරෝද රථ රියැදුරා - “එදා මම වාරණ ඉඳලා බෝනගලට හයර් එකක් ගිහින් කොස්හේන පැත්තට එමින් හිටියා. වෙලාව රෑ දහයමාරට විතර ඇති. බෝනගල පාර අයිනේ තියන නාන ළිඳක් ළඟ හිටපු ගෑනු කෙනෙක් එක පාරටම දිය රෙද්ද පිටින්ම පාරට දුවගෙන ඇවිත් මගේ වාහනේට අත ඇල්ලුවා.


එතකොටම මට තේරුණා මේ නම් මනුස්සයෙක් වෙන්න බැහැ කියලා. මම පුළුවන් තරම් වේගෙන් වාහනේ එළවන්න පටන් ගත්තා ඒ එක්කම මම පිටිපස්ස හැරිලා බලන කොට මෙන්න එයා වාහනේ ඇතු‍ලේ ඉඳගෙන මගේ උරහිස්සට පාරක් ගැහුවා. මට එතකොටම බයවෙලා අත ගස්සලා බලනකොට එයා අතුරුදන් වෙලා. ඊට පස්සේ මාත් තෝන්තු වෙලා වගේ ගෙදර ඇවිත් බලන කොට ඒ පැත්ත නිල්වෙලා තිබුණා පස්සේ ටිකෙන් ටික ඒ ගතිය අඩුවෙලා ගියා.

අවසානයේදී අපට මිය ගිය අමාලි රාජපක්ෂ මෙනවියගේ සමීප හිතවතෙකු පැවසුවේ මෙවන් කතාවක් 

"බලන්න මේ මිනිස්සු හදල තියෙන කතා.අපේ මුනට කිසි දෙයක් කියන්නේ නැහැ.එත් මුළු ගමේම කතා වෙන්නේ අපේ නංගි ගැන වැරදි විදියට.ඔය අවතාරේ දැකල තියෙන අය කියල තියෙනවා ඒ අපේ නංගි කියල.ඒ කියල තියෙන්නේ අපේ නංගි දැකල අදුරන අය විතරයි.
අපේ නංගිව දන්නේ නැති අය කියන්නේ මේ ඉන්නේ මදි වයසේ වෙනත් කාන්තාවක් කියලා.ඔයගොල්ල හරි කියන්න මේ ගම්මු කියන දේවලුයි අපේ නංගියි අතර කිසිම සම්බන්ධයක් නැහැ"
ඒ අනුව ඔබට මේ පිටුපස ඇති සිදුවීම පැහැදිලි වී ඇතයි සිතමි.පිලන්කඩදී දුටු කාන්තාවගේ ගිනි සිළුව මුළු ගමක් ගිනිබත් කිරීමට සමත්විය.මෝහිනිගේ කතාවත් සමග එම ප්‍රදේශයේ අවාසනාවන්ත ලෙස මිය ගිය කාන්තාවගේ නමද ඇතුලත් කොට වඩාත් බියකරු ලෙස ගම පුරාම පැතිරී ඇත.

එවන් තත්වයක් උඩදී රාත්‍රියේදී බොහෝ පුද්ගලයන් "මනෝ බ්‍රාන්තියට" ලක්වීම අරුමයක් නොවේ.එම කාන්තාව දැන හිටි පුද්ගලයින් මෝහිණී දැක ඇත්තේ එම කාන්තාවගේ හැඩහුරුවටය.

එම කාන්තාව නොදත් පිරිස ඇය දැක ඇත්තේ මැදිවියේ කාන්තාවක් ලෙසිනි.එම ප්‍රදේශයේ සිදුවන ඇතැම් අපචාර ක්‍රියාවන් සිදු කිරීම සඳහා මෙවන් ප්‍රචාරයක් පතුරා ඇති බවද අප වෙත වාර්තා විය.

වත්මන් තත්වය අනුව හවස හයට වෙළඳසල් වසන අතර ඉන්පසුව එම ප්‍රදේශයේ කිසිවකු එලියට බසිමටද බිය වෙති.අපචාරකරුවන්ට නිදහසේ සිය ක්‍රියා කරගෙන යාමට එය මහත් රුකුලක් වනු ඇත.

මෙයට කලින් මතුවූ ග්‍රීස් යකාගේ සිදුවීමද මෙයට යම් තාක් දුරට සමාන සිදුවීමකි.ග්‍රීස් යකා මෙන්ම කාලයාගේ අවෑමෙන් මෙම සිදුවීම යටපත් වනු ඇතයි අපගේ විශ්වාසයයි.


සුදු ඇඳගත් ගැහැණියක් ගොරකදෙනිය මහපාරේ

 
Related Posts with Thumbnails