Ads 468x60px

.

රයිගම් ටෙලීස් සම්මාන රාති‍්‍රයේදී නළුවෝ මාරු වෙලා

නෙහාරා ෆොටෝ ගැනීම මගහැරලා ...
රොස්මන්ඩ් විසින් රූපවාහිනී ආවරණය අඩුමුදලකට

ඉකුත් සිකුරාදා වෝටර්ස් එජ් හෝටලයේ පැවැති රයිගම් ටෙලීස් සම්මාන රාති‍්‍රයේදී ස්වාධින රූපවාහිනී සේවයේ සභාපති රොස්මන්ඩ් සේනාරත්න මහතාට ද සම්මානයක් හිමි විය.


එම සම්මාන රාති‍්‍රයේදී රොස්මන්ඩ්ට මේ සම්මානය ලැබුණේ විශේෂ ඇගයීමකට නොවන බවට ඇගවීමට රයිගම් ටෙලීස් සංවිධායකයෝ උත්සාහ කළ ද එය සම්මාන උළෙල පුරාම කතා බහට ලක්වූ මාතෘකාවක්වී තිබිණි. 

කෙසේවුවද මේ වන විට රොස්මන්ඞ්ට හදිස්සියේම රයිගම් ටෙලීස් සම්මානයක් ලැබී ඇත්තේ රයිගම්ලාට දුන් සහයෝගයට ප‍්‍රතිඵලයක් ලෙස බව හෙළිවී තිබේ.

රයිගම් ටෙලීස් සම්මාන රාති‍්‍රයේ රූපවාහිනී ආවරණය සිදුකරනු ලැබුවේ ස්වාධින රූපවාහිනිය මගිනි.මෙය ඔවුන්ගේ නිෂ්පාදනයක් ලෙස රුපියල් ලක්‍ෂ 600,000 ක් වැනි අඩුමුදලකට කරදීමට අතහිතදී ඇත්තේ රොස්මන්ඩ් සේනාරත්න මහතාය.

එසේම සාමාන්‍යයෙන් රූපවාහිනී නාලිකාවක් විසින් යම් උත්සවයක් ආවරණය කරමින් සිදුකරනු ලබන නිෂ්පාදනයක පටිගත කිරීම් වෙනත් නාලිකාවක විකාශය කිරීමට අවසර හිමි නොවේ.

එහෙත් රයිගම් ටෙලීස් තවත් රූපවාහිනී නාලිකා කිහිපයක විකාශය කිරීමට ද අවසර ලැබී තිබෙන අතර එය රොස්මන්ඩ්ගේ පිහිටෙන් සිදුවූවක් බව පැවසේ.මින් රයිගම්ලාට අඩු මුදලකින් වැඩි ප‍්‍රචාරයක් ලබා ගැනීමට හැකිවූ බවද කළා කරුවෝ කියති.

කෙසේවුවද සම්මාන රාති‍්‍රයේදී ඊට සහභාගිවූ කලා කරුවන්ට රටබීම හා ප‍්‍රනීත ආහාර වේලක රස බැලීමටත් අවස්ථාව උදා කිරීමට සංවිධායකයන්ට මුදල් ඉතිරිකරදුන් රොස්මන්ඞ්ට පිංදිදී වෝටර්ස් එජ් හෝටලයෙන් පිටවී ගිය කලා කරුවන් කිහිපදෙනෙක් සිටින බවද මෙඅතර වාර්තා වේ.

නළුවෝ මාරුවීම
රයිගම් ටෙලීස් හොඳම නළුවා වූයේ බිමල් ජයකොඩිය.මේ සඳහා නිර්දේශිතව සිටි සෙසු නළුවන් දෙදෙනා ජනක් පේ‍්‍රමලාල් හා පාලිත පෙරේරාය.

ස්වයංජාත ටෙලියේ ප‍්‍රධාන නළුවා එම  ටෙලියේ අධ්‍යක්‍ෂවරයා නම්කර යැවූ ජගත් චමිල වෙනුවට හොඳම නළුවා ලෙස ජනක් නිර්දේශවීමද අපූරු පටලැවිල්ක් බව මේ වන විට ක්ෂේත‍්‍රය තුළ කතා බහට ලක්ව තිබේ.එසේම ජගත් චමිලට මෙම සම්මාන උළෙලට ආරධනයක් හෝ නොලැබුණ බවද පැවසේ.

නෙහාරා පිංතූරත් මගහරියි  
රයිගම් ටෙලීස්හි ජනපි‍්‍රයම නිළිය බවට පත් නෙහාරා පීරිස් සිය සම්මානය ලැබුණු විගස සම්මාන උළෙලෙන් පිටවී ගිය බවද මේ අතර වාර්තා වේ.
ඇය එහි සම්මාන ලැබූ සමූහ ඡායාරූප සඳහාද නොසිටි බවද පැවසේ.

අප කල සොයා බැලීමකදී නිල නොවන ආරංචි මගින් අප වෙත වාර්තා වුයේ ජනප්‍රියම නිළිය තේරීම සඳහා වැඩිම එස්.එම්.එස් මනාප ලැබී ඇත්තේ ආශා එදිරිසිංහ වෙත බවයි.ඉන් අනතුරුව වැඩිම එස්.එම්.එස් මනාප ලැබී ඇත්තේ උදාරි වර්ණකුලසුරිය වෙතටයි.

 
නමුත් නෙහාරා පිරිස් රයිගම් වෙළඳ නාම ප්‍රවර්ධකවරියක ලෙසින්ද කටයුතු කරන බැවින් ඇයට මෙම සම්මානය ලැබී ඇති බව වාර්තා වේ.


රයිගම් ටෙලීස්හි තවත් කෙළි ඉදිරියේදී හෙළි කෙරේ.
 
Related Posts with Thumbnails