Ads 468x60px

.

කැෂියන් හේරත්ගෙන් බුද්ධාගම බේරා ගැනීම

මාත් පුද පූජා කරනවා. මම මේ රත‍්‍රං පළඳින්නේ ඒ නිසායි....මර්වින්

බුද්ධ ශාසන  අමාත්‍යංශයේ  මුලික වගකීම බුදු සසුන දියුණු කිරීමට පියවර ගැනීමය.මේ සඳහා බුද්ධ ශාසන අමාත්‍යංශයට කැෂියන් හේරත් නැමැති ලේකම්වරයෙකු පත් කොට තිබේ. 


නමුත් මෙම ලේකම්වරයාගේ බිරිඳ   තිලංගනී හේරත් මෙරටට ෆෙන්ග් ෂුයි වන්දනාව නම් පිළිම වන්දනා ක්‍රමයක් ව්‍යාපාරික මුලයකින් කරගෙන  යන බව රහසක් නොවේ. 

මේ සඳහා  බුද්ධ ශාසන  අමාත්‍යංශයේ  මෙන්ම අනෙකුත් රාජ්‍ය මාධ්‍ය වල අනුග්‍රහයද ඔවුන් ලබා ගනිති.  චීන ෆෙන්ෂුයි ඇදහීමට ගන්නා පිළිම භාවිතයෙන් වාසනාව හා සම්පත් උදාවෙතියි ද, තමා ඊට නිදසුන් කැර ගනිමින් ඇමැති මර්වින් සිල්වා මහතා පලාගල පරවනගමදී වීර කැප්පිටිපොළ පිළිරුව විවෘත කරමින් පවසා ඇත. 

බුද්ධ ශාසන අමාත්‍ය ලේකම් කැෂියන් හේරත් මහතා ද  සහභාගී  වූ මෙම උත්සවයේදී  කැෂියන්   හේරත් දෙසට හැරුණු  මර්වින් සිල්වා  මෙසේ කියන ලදී . ”මේ ලේකම්තුමාගේ නෝනා තමයි ෆෙන්ෂුයි පිළිම ලංකාවට ගෙන්වන්නේ. මාත් පුද පූජා කරනවා. මම මේ රත‍්‍රං පළඳින්නේ ඒ නිසායි. මෙය අමු අමුවේ වෙළඳ ප්‍රචරණයකි.  

මිත්‍යාව පතුරවා මුදල්  උපයා ගැනීමට අමතරව බොදුනු ජනතාවගෙන් බුදු දහම ටිකෙන් ටික ඈත් කිරීම මේවා වල යටි අරමුණු වේ.  මෙවැනි දේ අඩුම ගණනේ ධිවර අමාත්‍යංශයේ ලේකම්වරයෙකු පශු සම්පත් අමාත්‍යංශයේ ලේකම්වරයෙකු ඔහුගේ බිරිඳ සමග කළාට කම් නැත. නමුත් බොදු ජනතාවගේ මාළු  බොදු ජනතාවගේ ඇඟ උඩ තබාගෙන කපන මෙවැනි දේ පිළිකුල් සහගතය.  

නිතරම බුදු දහම නැති කිරීම ගැන බටහිර කුමන්ත්‍රණ ගැන කතා කරන අපේ ගිහි පැවිදි පැරනොයිඩ් නඩය මේ ගැන හා හුවක් නැත. බුදු දහම වෙනුවට ක්‍රමක් ක්‍රමයෙන් වෙනත් පුජා කල්ට් ක්‍රම ආදේශ කරන බුද්ධ ශාසන  අමාත්‍යංශයේ ලේකම් සහ ඔහුගේ බිරිඳ ගැන  බුද්ධ ශාසන අමාත්‍යවරයා කියන්නේ කුමක්ද ? 

මේ ගැන මහා නායක හිමිවරුන් කියන්නේ කුමක්ද? අඩුම ගණනේ අර නාථ දේවාලයේ මහා කපුවා කෝ , හාල් වල ආසනික් සොයා ගිය රතන කෝ , ඉනාමළුවේ චන්ඩියා කෝ ? මේ කවරෙකුවත් කැෂියන් හේරත් ට විරුද්ධව කට අරින්නේ  නැත. කැෂියන් හේරත් කැෂියස් ක්ලේ වගේ බුද්ධ සාසන අමාත්‍යංශ ලේබලය යටතේ අපරාජිතව පිළිම වෙළඳාමේ යෙදී  සිටයි.   

-අමිල ගුණරත්න
 
Related Posts with Thumbnails