Ads 468x60px

.

නැහැ ..නැහැ ..තවම කොල්ලෙක් නැහැ – යුරේනි නොෂිකා

යුරේනිට ආදරය කරන අයට හොඳ ආරංචියක්...
ඇයගේ එකම බලාපොරොත්තුව වුනේ බොලිවුඩ් සිනමාවට ඇතුළුවීමලු ...

පසුගිය වසර දෙකකට අසන්න කාලයක් ඉන්දියාවේ ගතකල යුරේනි නොෂිකා මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ නිර්මාණ කටයුතු වල නියැලෙනවා..


මේ දිනවල ටෙහාන් පෙරේරාගේ අලුත්ම මියුසික් වීඩියෝවේ ෂූටින් සිදු කල ඇය ස්වර්ණවාහිනී නාලිකාවේ ඉරිදා රාත්‍රී 9 ට විකාශය වන ‘පියවි ‘ටෙලි නාට්‍යයේ අරුණිගේ  චරිතය රඟපාමින් ඔබ හමුවට එනවා..

එසේම බලාපොරොත්තු පොදි බැඳගෙන ඉන්දියාවට ගිය ඇයගේ එකම බලාපොරොත්තුව වුනේ බොලිවුඩ් සිනමාවට ඇතුළුවීම.ඊට ප්‍රථමයෙන් මෝස්‌තර නිරුපිකාවක් ලෙස කටයුතු කල ඇයට රන්බීර් කපුර්ගේ කළමනාකාරිත්වයෙන් යුතු ඒජන්සියක වැඩ කිරීමට අවස්ථාව හිමිවුණා.

එහි ප්‍රතිපලයක් ලෙස ජෝන් ඒබ්‍රහම් සමග ‘පිලිප්ස් ‘වෙළඳ දැන්වීම කරන්නත් හැකිවුනා.එසේම ෆිල්ම්ස් 3 ක් සඳහාද ඇයට ආරාධනයක් ලැබුනද හොඳම චිත්‍රපටයකින් ඒමේ බලාපොරොත්තුවෙන් ඒවා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඇය මේ වනවිට කොළඹ 05 අමරසේකර මාවතේ පදිංචිව සිටින අතර විවේකයක් ලැබුණු වෙලාවට හින්දි ෆිල්ම්ස් හොලිවුඩ් ෆිල්ම්ස් බලනවලු..එසේම ලබන ජුනි මස ඇය නැවතත් ඉන්දියාව බලා යනවලු ඇගේ එකම අරමුණ වන බොලිවුඩ් ෆිල්ම් එකක රඟපෑම වෙනුවෙන්..ඒ සඳහා බොහෝ සෙයින් සිරුරේ හැඩය පවත්වා ගන්න ඕනේ නිසා දවසෙන් වැඩි කාලයක් ගතකරන්නේ ජිම් එකේලු.

365 දවසෙම තමන්ගේ ශරීරයේ හැඩය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ ,ඒ නිසා ජිම් එකේ තමයි දවසෙන් වැඩි කාලයක් ගෙවෙන්නේ,ටොම් බොඩි එකක් තියාගන්න ලොකු කැපකිරීමක් කරන්න ඕනේ,තමන් කැමති කෑමක් කන්න බැහැ,බීමක් බොන්න බැහැ,ඒ වගේම කරාතේ ඩාන්සින් වගේ දේවලුත් තියෙන්න ඕනේ ‘

පසුගිය කාලයේ නම් ඇයට පෙම්වතෙක් සිටි අතර මේ වන විට නම් ආදරය සම්බන්ධයෙන් ඇය කියන්නේ මෙවැන්නක්  

‘නැහැ ..නැහැ ..තවම කොල්ලෙක් නැහැ ,’

යුරේනිට ආදරය කරන අයට ඔන්න එකත් හොඳ ආරංචියක්..”ඇබෑර්තු ඇත”

 
Related Posts with Thumbnails