Ads 468x60px

.

අපි විවාහ වුනේ 2010 අවුරුද්දේ මුල - අමායා

අමායා සහ අතුල ආදරයට වසර 4ක් ලු...
අමායා අධිකාරි වශයෙන් වාසගමත් වෙනස් කරගෙන... 
කැදැල්ලට තවත් අමුත්තෙක්...

අතුල අධිකාරිගේ හා නිරුපන ශිල්පිනියක වන අමයාගේ රහස් පෙම පිලිබඳ සති අන්ත පුවත් පතකට අදහස් දැක්වූ අමායා ප්‍රකාශ කොට ඇත්තේ එය රහස් සම්බන්ධයක් නොව ඇයගේ ආදරය අතුල සමගින් විවාහයකින් අවසන් වූ බවය.
අමායා ආදරය ගැන මොකද හිතන්නේ ?
ඇත්තටම ආදරය හරි පිවිතුරු දෙයක්. මගේ ආදරය දැන් විවාහයකින් කෙලවර වී හමාරයි.

ඒ කිව්වේ ඔයා විවාහකද?
ඔව්, මම අතුල අධිකාරිගේ බිරිඳ. අපි විවාහ වුනේ 2010 අවුරුද්දේ මුල් භාගයේදී.

ජනප්‍රිය මිනිස්සුන්ට හැදෙන කටකතා ගැන අමායා මොකද හිතන්නේ ?
අනේ. මම බොහොම කනගාටුවෙන් තමයි ඔය ගැන කතා කරන්නේ. ඒ මොකද කියලා නම් මගෙන් අහන් එපා.

ඔයා කටකතා වලට බය ද ?
අනේ නැහැ, මගෙයි අතුල අයියගෙයි සම්බන්ධයට හුගක් කටකතා හැදුනා. අපි ඒ හැමදේටම පිළිතුරක් වශයෙන් තමයි විවාහ වුනේ.

මොනවද ඔයාට රසිකයන්ට කියන්න තියෙන්නේ ?
ඔව්, මට ප්‍රේක්ෂක ජනතාවට විශේෂයෙන්ම කියන්න ඕනේ අතුලයි මමයි අතර තිබුණු ආදරය විවාහයකින් අවසන් වුනු බව.

අමායා සහ අතුල ආදරයට වසර 4ක් වන අතර අමායා පසුගිය කාලයේ තම නමට "අමායා අධිකාරි" වශයෙන් වාසගමද එක්‌ කරගෙන තිබුනා.

එසේම මේ සියලු කටකතා අතුල ගණන් නොගත් අතර ඒවාට පිළිතුරු වශයෙන් ඔවුන් 2010 අවුරුද්දේ මුල් භාගයේදී විවාහ වී තිබෙනවා. ඔවුන් එය එතරම් ප්‍රචලිත නොකෙරු හෙයින්ම මාධ්‍ය සිතුවේ ඔවුන් හැංගි හොරා ආදරය කරන බවයි.

එහෙත් සතුටින් දිවි ගෙවන ඔවුන් දෙපලගේ විවාහ දිවියේ නවතම ආරංචිය නම් ළඟදීම මේ වසර අග භාගයේදී ඔවුන්ගේ කැදැල්ලට තවත් අමුත්තෙක් පැමිණෙන බවයි.
 
Related Posts with Thumbnails