Ads 468x60px

.

යතුරුපැදියක් ටිපර් රියක ගැටී දෙදෙනෙකු මියයයි

අශෝක සහ නන්දාවතී අනතුරින් මරණයට...

අද(14) පෙරවරුවේ දිවුලපිටිය කුරුණෑගල - කොළඹ ප‍්‍රධාන මාර්ගයේ පරණ හන්දියේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මරණයට පත්ව ඇත.
කුරුණෑගල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ යතුරුපැදියක් එයට ප‍්‍රතිවිරුද්ධ දිසාවට ධාවනය වූ ටිපර් රථයක් සමග ගැටීමෙන් මෙම රිය අනතුරක් සිදුවී ඇති බව පොලිසිය පවසයි.

රිය අනතුරින් යතුරුපැදිකරු සහ පසු පැදිකරු දිවුලපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

කොස්ගොල්ල, පිහිඹුව පදිංචි 24 හැවිරිදි මයුරපත් වාසල හේරත් මුදියන්සේ රාලහාමිලාගේ අශෝක රත්න බණ්ඩාර සහ හුලෝ ගෙදර, නිකවැරටිය පදිංචි 38 හැවිරිදි අත්තනායක මුදියන්සේලාගේ නන්දාවතී අනතුරින් මරණයට පත්වූ අය වේ.

ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර දිවුලපිටිය පොලීසිය වැඩිදුරටත් විමර්ශන පවත්වාගෙන යනු ලබයි.


 
Related Posts with Thumbnails