Ads 468x60px

.

ඩී.අයි.ජී.ගෙ බල්ලාගෙන් බේරීමට කෙටිදුර ධාවන ශූරී ශී‍්‍රයානිට බැරි වෙයි

කුඩා දරුවන් ඇතුළු කිහිපදෙනෙකුම සපාකාලා...

හිටපු නියෝජ්‍ය පොලිස්පති එච්.එම්.ජී.බී. කොටකදෙණිය මහතාගේ නිවසේ ඇති කරන සුනඛයා හිටපු කෙටිදුර ධාවන ශූරී ශි‍‍්‍රයානි කුලවංශ මහත්මියව සපාකෑ ඇතැයි අජිත් රෝහණ මහතා පැවසීය.




දියණිය සපා කෑමට සුනඛයා පැමිණෙන අවස්ථාවේදී ඇය බේරා ගැනීමට ගොස් ශි‍‍්‍රයානි කුලවංශ මහත්මිය මෙසේ අනතුරට ලක්ව ඇත.පොලිස්පතිවරයාගේ සුනඛයා විසින් අවට කුඩා දරුවන් ඇතුළු කිහිපදෙනෙකුම සපාකා ඇති බව මාධ්‍ය ප‍්‍රකාශකවරයා පවසයි.


ඒ සම්බන්ධයෙන් කිහිපවරක්ම ගම්මු විසින් පොලිසියට පැමිණිලි කළද ඒ අවස්ථාවන් වලදී සුනඛයාට මුඛවාඩමක් පැළඳවීමට කොටකදෙණිය මහත්මා එකඟ වී ඇතැයිද ඔහු තවමත් එය කි‍්‍රයාවට නඟා නැති බවද පැවසේ.

මේ වන විට ශි‍‍්‍රයානි කුලවංශ මහත්මිය තලංගම මහ රෝහලෙන් ප‍්‍රතිකාර ගෙන ඉන් බැහැරව ගොස් ඇත.මේ සම්බන්ධයෙන් තලංගම පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
 
Related Posts with Thumbnails