Ads 468x60px

.

පසුගාමී ගෝත්‍රික රටක දේශපාලනය

ලංකාවේ තිබෙන මුලික ගැටලුව විරැකියාව හෝ දරිද්‍රතාවය නොවේ.
අශිෂ්ඨභාවයයි...

දියුණු රටවල දේශපාලකයන් විසින් ප්‍රශ්න  විසඳන්නේ සාකච්ඡා කිරීමෙනි. ඔවුන් තුල අධ්‍යාපනය, ශික්ෂණය සහ සදාචාරය වැනි ගුණාංග තිබේ. නමුත් එවැනි ගුණාංග කිසිවක් නැති ශ්‍රී ලංකාව නම් පසුගාමී ගෝත්‍රික දේශයේ දේශපාලකයන් ප්‍රශ්න විසඳන්නේ අතේ පයේ විරියෙනි.
පානිය ජලය පිලිබඳ ඇති වූ ප්‍රශ්නයකදී  අතාවුද සෙනෙවිරත්න විසින් වරකාපොළ දොරවක ඉදිකරමින් තිබූ ජල ව්‍යාපෘතියකට විරෝධ පළ කර එහි ගොඩනැගිලිවලට අලාභ හානි සිදු කරමින් රුපියල් ලක්‍ෂ දහයක්‌ පමණ වටිනා දේපළ විනාශයක්‌ සිදු  කරන ලදී. 
හිසේ  කෙස් පැහෙන තුරු දේශපාලනය කලද ජේෂ්ඨ  ඇමති අතාවුද සෙවිරත්න තවමත් ශිෂ්ඨාචාරයේ මායිමකටවත් පැමිණ නැත. ජේෂ්ඨ දේශපාලකයෙකු වන  අතාවුද සෙවිරත්න වැනවුන් තවමත් සිටින්නේ වනචාරී යුග වල සිටින විට තරුණ දේශපාලන පරපුර  නියෝජනය මුතුහෙට්ටිගම වැනි දේශපාලකයන් ගැන කවර කථාද ? 


ඇමති අතාවුද සෙවිරත්න වරකාපොල පෞද්ගලික ඉඩමකට බලහත්කාරයෙන් ඇතුළුවී අලාබහානි කොට තිබීම ගැන චෝදනා ලබා අධිකරණයට ගියේය. ඔහු ගියේ  උසස්  ශිෂ්ඨාචාරයක් තිබෙන රටක අධිකරණයකට නම් මෙවැනි ක්‍රියාවක් කිරීම ගැන විනිසුරුවරයා මුලින්ම ඔහුගේ මානසික තත්වය ගැන රපොර්තු කිරීමට මානසික වෛද්‍යවරයෙකුට යවනු ඇත. 
ඉන්පසුව සිදු කරන ලද සමාජ විරෝධී ක්‍රියාවට ඔහුට දඬුවම් පමුනනවා ඇත. එම ක්‍රියාවෙන්ම ඔහුගේ දේශපාලන ජීවිතය අවසන් වේ. ඔහු නියෝජනය කරන පක්ෂය මෙවැනි නින්දිත වැඩ කරන මැරයන් තම පක්ෂයේ තියා ගන්නේ නැත. එසේම ජනතාවද මෙවැන්නන් ප්‍රතික්ෂේප කරති. 


නමුත්  අර්ධ වනචාරී නොදියුණු පසුගාමී ගෝත්‍රික රටක් වන ශ්‍රී ලංකාවේ තත්වය සහමුලින්ම වෙනස් ය. අධිකරණයේදී මොහු වීරයෙකි. මොහුට දඬුවම් ලැබෙන්නේ නැත. පක්ෂයේ නායකයන් මේ ගැන මොහුගෙන් විමසන්නේ හෝ අවවාද දෙන්නේ නැත. යලි චන්දයකදී ජනතාව මොහු ප්‍රතික්ෂේප කරන්නේ නැත. 
අධිකරණයෙන් ඉවත පැමිණි වහාම ජනතාව මොහුව වට කරගෙන වීරයෙකුට මෙන් ජය ගෝෂා කරති. ඔහු පසුපස යන සෙනග දෙස බලන්න. මොවුන් කිසිම වැඩක් පළක් නොකරන දේශපාලකයන්ගේ පසුපස යමින් වැටෙන පාන් කෑලි අහුලා කන අපතයන් සමුහයකි. ලංකාවේ වනචාරී  දේශපාලකයාට තමන්ගේ බලය පෙන්වීමට මෙවැනි යාචකයන් තොග පිටින් අවශ්‍යය.  


ලංකාවේ තිබෙන මුලික ගැටලුව විරැකියාව හෝ දරිද්‍රතාවය නොවේ. ලංකාවේ තිබෙන මුලික ගැටලුව අශිෂ්ඨභාවයයි.  අශිෂ්ඨභාවය විසින් නඩත්තු  කරන මෙවැනි අර්ධ වනචාරී නොදියුණු පසුගාමී ගෝත්‍රික රට ශිෂ්ඨ රටවල් මට්ටමට ගෙන ඒමට නම් ජනතාව තුල ආකල්පමය වෙනසක් ඇති විය යුතුය. එතෙක් අප සෑම දෙනා ශ්‍රී ලංකාව නම් නාරා වලේ වනචාරී දේශපාලක සාමුහයාට වන්දනාමාන කරමින් නොදියුණු ගෝත්‍රිකයන් ලෙස ජිවත්  විය යුතුය. 


- අමිල ගුණරත්න
 
Related Posts with Thumbnails