Ads 468x60px

.

උදිත් නාරායන් සංගීත ප‍්‍රසංගයේ සංවිධායකයින්ට එරෙහිව නීති - තවම බදු ගෙවලා නෑ

රුපියල් ලක්ෂ 23ක මුදලක් බදු වශයෙන් අයවිය යුතුයි...

පසුගියදා කොළඹදී පැවැති උදිත් නාරායන් සංගීත ප‍්‍රසංගයේ සංවිධායකයින්ට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට කොළඹ මහ නගර සභාව තීරණය කර තිබෙනවා.


මහ නගර සභාවේ භාණ්ඩාගාරික කේ.ඞී. චිත‍්‍රපාල මහතා කියා සිටියේ එම ප‍්‍රසංගය වෙනුවෙන් සංවිධායකයින්ගෙන් රුපියල් ලක්ෂ 23ක මුදලක් බදු වශයෙන් අයවිය යුතු බවයි. එහෙත් එය ගෙවීමට සංවිධායකයින් කටයුතු කර නැතැයි ඔහු ප‍්‍රකාශ කළා. විනෝදාත්මක කටයුතු සඳහා ප‍්‍රවේශපත‍්‍ර ආදායමෙන් සියයට 10ක මුදලක් නගර සභාවට ගෙවිය යුතු වනවා.

එහෙත් සංවිධායකයින් ප‍්‍රවේශපත‍්‍ර හාරදහසකින් ලැබුණු ආදායම වෙනුවෙන් මහ නගර සභාවට ගෙවා ඇත්තේ රුපියල්  ලක්ෂ 5ක් පමණයි. කෙසේ වෙතත් ප‍්‍රවේශපත‍්‍ර අලෙවිය ප‍්‍රමාණය ඉක්මවා සිදුවී තිබෙනවා.

ප‍්‍රසංග දිනයේදී ආදායම් බදු පරීක්ෂකයින් එම ස්ථානයට ගොස් කළ පරීක්ෂාවකදී එය අනාවරණ වූ බවද චිත‍්‍රපාල මහතා ප‍්‍රකාශ කළා.
 
Related Posts with Thumbnails