Ads 468x60px

.

කාන්තාවක්‌ තුරුළු කරගත් රියදුරාගේ 60,000 ක්‌ වටිනා මාලය අතුරුදන්...

රියෑදුරු එම කාන්තාව වෑන් රථයෙන් බස්‌සවා ගෙන...

කනත්ත අසල පාළු ප්‍රදේශයකදී තුරුළු කරගෙන..

වෑන් රථ රියෑදුරකුට සිය හැටහතර මායම් වලින් එකක්‌ පෙන්වා එම රියෑදුරුගේ ගෙලෙහි තිබූ රුපියල් 60,000 ක්‌ වටිනා රන් මාලය සොරකම් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ කතක්‌ ගැන ජා-ඇල ප්‍රදේශයන් වාර්තාවේ.

චෝදනා ලැබූ කත වූයේ ජා-ඇල බැම්ම ප්‍රදේශයේ පදිංචි එච්. ප්‍රියංගිකා නිලන්ති නමැත්තියකි. මෙහි රියෑදුරු රියෑදුරු වූයේ මීගල්ලෑව කැරකැප්පෙට්‌ටිගම පදිංචි ආර්. ඒ. විජයකුමාර නමැත්තෙකි.

මෙම සොරකම සිදුවූ දින ඔහු සේවය නිමවී මහ රෑ 11.00 ට පමණ වෑන් රථයෙන් තම නවාතැන්පළ කරා පැමිණෙමින් සිට ඇත. ඔහු පැමිණෙමින් සිටියදී මගදී කාන්තාවක්‌ වෑන් රථයට අත අල්ලා නවතාගෙන ඇත. 


එම කාන්තාව මෙහි පැමිණිලිකරුගේ රියෑදුරු අසුනට යාබද අසුනේ රැඳී සිට ඇත. පසුව රිලවුල්ල කනත්ත අසල පාළු ප්‍රදේශයකදී එම කාන්තාව වෑන් රථයෙන් බස්‌සවා ගෙන ගොස්‌ පාළු ස්‌ථානයකදී පැමිණිලිකරු එම කාන්තාව තුරුළු කරගෙන මද වේලාවක්‌ සිටි බව පැමිණිල්ලේ සඳහන් වේ. 

ඉන් අනතුරුව පැමිණිලිකරු එම නාඳුනන කාන්තාව ජා-ඇල නගරයේ බස්‌සවා ඔහුගේ නවාතැන වෙත ගොස්‌ බැලීමේදී ඔහුගේ ගෙලෙහි තිබූ රුපියල් 60,000 ක්‌ වටිනා රන් මාලය අතුරුදන්වී ඇති බව දැක ජා-ඇල පොලිසියට ඒ බව පැමිණිලිකර ඇත. පසුව එම කාන්තාව විසින් ජා-ඇල ස්‌වර්ණාභරණ අලෙවි ආයතනයකට රන්මාලය උකස්‌කර තිබියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
Related Posts with Thumbnails