Ads 468x60px

.

නිතරම එන දුරකථන ඇමතුම් උදයන්තිගේ නින්දට බාධාවක්ලු...

ගොසිප් අතර ජනප්‍රිය වෙනකොට හොඳ චරිතවලට ආරාධනා ලැඛෙනවා...
 
කලා ක්ෂේත්‍රයේ පුවත් මවන්නියන් අතර උදයන්ති කුලතුංග ටත් ප්‍රමුඛ තැනක් හිමිවෙන අතර මෑතදී පැ තිර ගිය කටකතාවක් වන ටෙලිනාට්‍ය යක කාර්මික ශිල් පියෙක් සහ උදයන්ති අතර ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් සති අන්ත පුවත් පතක් විසින් ඇගෙන් ඇසු අතර ඇය පැවසුවේ එහෙම දෙයක් ගැන මේ වන තෙක් ඇය නොදන්නා බවත් එම කටකතාව සම්පුර්ණ බොරුවක් බවත්ය.
 
එසේම පසුගිය දිනවල චිත්‍රපටය කට රූගත කිරීම් සඳහා නුවර ප්‍රදේශයට ඇය ,ගොස් ඇති අතර පුවත් පත් සඳහා සම්මුඛ සාකච්චාවකටවත් සම්බන්ධ කරගත නොහැකි ආකාරයට ඇගේ ජංගම දුරකථන අංකයද ඇය විසින් වෙ නස් කරගෙන තිබෙනවා.
 
ඒ සම්බන්ධයෙන් පුවත් පත විමසු විට ඇය පැවසුවේ ‘ඇගේ උපන්දිනය දවසේ සරසවිය පුවත් පත විසින් ඇගේ දුරකථන අංකය පල කර ඇති අතර රසිකයන්ගෙන් දවස පුරාම දුරකථන ඇමතුම් ලැබුණු බවත් …පෞද්ගලික ජීවිතයට කරදරයක් වන අන්දමින් ලැබුණු දුරකථන ඇමතුම් නිසා ඇගේ නින්දටද බාධා ඇති වූ හෙයින් ඇය දුරකථන අංකය වෙනස් කල බවයි.
 
 

එ සේම ගොසිප් කිව්වම උදයන්ති කුලතුංග ගේ නමත් ඉදිරියෙන්ම තිබෙන හෙයින් ඒ ගැන වි මසු අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් ඇය දරන්නේ සුබවාදී අදහසක් …
 
ඇත්තටම ගොසිප් කියන එක අපි හානියක් විදියට ගන්න හොඳ නෑ. ඒක හොඳ දෙයක් විදියටයි මම දැන් හිතන්නේ..මොකද ගොසිප් අතර ජනප්‍රිය වෙනකොට හොඳ චරිතවලට ආරාධනා ලැඛෙනවා. මාර්කටින් පැත්තෙන් ලොකු ජනප්‍රියත්වයක් එනවා.එහෙම වෙන එක වාසියක් විදියටයි මම හිතන්නේ….ඇත්ත හරි බොරු හරි කියන්නේ මොකක් හරි විශේෂිත චරිතයකටනෙ…මමනම් ඒ ගැන සතුටු වෙනවා.
 
මං හිතන්නේ කාටවත් ගොසිප් ගැන කනගාටු වෙන්න දෙයක් නෑ.
මොකද ලංකාවේ හැමෝම ගැන ගොසිප්වල යන්නේ නැහැ..චරිත කීපයයි ඒවා අතරේ ඉන්නේ. ඉතින් ඒක හොඳක් විදියටයි මම දැන් දකින්නේ..
 
කෙසේවෙතත් ඇගේ ජීවිතයේ ඊයේ අද සහ හෙට ගැන ඇය දරන්නේ මෙවැනි අදහසක් 
 
එදා සහ අද කියලා මගේ ලොකු වෙනසක් නෑ.. ලැඛෙන නිර්මාණවලට මම උපරිම සාධාරණය ඉටු කරනවා. මගෙ ජීවිතේ එහෙම ලොකු වෙනස්කම් නෑ. එදා අද හෙට මම හැමදාම මෙහෙම තමයි..කවුරු මොන කතා කිව්වත් මම මමම තමයි.. මගෙ වෙනසක් නෑ. උදයන්ති කුලතුංග හැමදාමත් මෙහෙමම තමයි.
 
 
 
Related Posts with Thumbnails